Colombo Today Local News

“මට ඇපල් ෆෝන් එකේ පාස්වර්ඩ් මතක නෑ” – බැදුම්කර බෑණා තවත් වංගුවක් දමයි !

තමන්ගේ ඇපල් අයි ක්ලවුඩ් (icloud) මතකයට අදාළ රහස් කේතය (password) තමන්ට අමතක වී ඇති බව කූප්‍රකට බැදුම්කර වංචාවට සම්බන්ධව පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු, හිටපු මහබැංකු අධිපතිවරයාගේ බෑණා වන අර්ජුන ඇලෝසියස් මහතා විසින් බදුම්කර වංචාව පිළිබඳව විමර්ශණය කරන ජනාධිපති විමර්ශණ කොමිසමට දන්වා තිබෙන බව වාර්තා වී තිබේ.

මින් ඉහතදී ඒ මහතා 2015 වසරේ සිට භාවිතා කල සියලූම විද්‍යුත් සන්නිවේදන උපකරණ (ජංගම දුරකතන/ ලැප්ටොප් පරිඝනක ) කොමිසමට භාරදිය යුතු බවට නියෝගයක් නිකුත් කල අතර ඊට ප්‍රතිචාර දක්වමින් ආන්දෝලනාත්මක බැදුම්කර වංචාව සමයේදී ඔහු භාවිතා කල ජංගම දුරකතන විදේශ රටකදී අස්ථාන ගතවී ඇති බව ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කරන ලදි.

ඇපල් ජංගම දුරකතන සහ ලැප්ටොප් භාවිතා කරන පුද්ගලයින්ගේ දත්ත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අයි ක්ලවුඩ් නම් තාක්ෂණික ක්‍රමවේදය භාවිතා කරනු ලබයි. බිලියන ගණනක වටිනාකමකින් යුතු ව්‍යාපාර මෙහෙයවන පුද්ගලයෙකුට සිය රහස් කේතයන් අමතකවීම ඉතා අවාසනාවන්ත තත්වයක් වේ.

Related posts

ඉන්දන මිල ඉහල දමනවාද? ඇමති ගම්මන්පිල බලාපොරොත්තු වන දේ..

colombotoday

වැස්සෙන් ආපදාවට පත්වූවන් 6000 පනී

Admin

පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි

colombotoday

උප්පැන්න සහතිකයේ අංකයට ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීම අද සිට

colombotoday

ඇමති රිෂාඩ් බදියුදීන් රටින් යයි…

colombotoday

මාලිමාවේ කැබිනට්ටුව මෙන්න

Admin