Colombo Today Local News

හෙට අත්සන් කරන්න යන හම්බන්තොට වරාය ගිවිසුම මෙන්න !

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, චයිනා මර්චන්ට්ස් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමට හම්බන්තොට වරාය පැවරීම සදහා වන ගිවිසුම හෙට (28) අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රජය විසින් ලබාගන්නා ලද වානිජ ණය මුදල් යොදාගනිමින් රුපියල් බිලියන 193ක් ආයෝජනය කර හම්බන්තොට වරාය ඉදිකර තිබේ.

කෙසේවුවද මේ සඳහා 2016 දෙසැම්බර් 08 වැනිදා රාමුගත ගිවිසුමක් අත්සන් කර තිබේ.

මේ ගිවිසුම අත්සන් කර ඇත්තේ ලංකාවේ ලිංයාපදිංචි සමාගම් දෙකක් වීම විශේෂිතය.

එම ගනුදෙනු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.4කි.

ඒ අනුව Hambantota International Port Service Co ltd (HIPS) සමාගම හම්බන්තොට වරායේ ආරක්ෂාව, නාවික සේවා, නියමුකරණ කටයුතු නැංගුරම් සම්බන්ධ කටයුතු, නාවික කටයුතුවලට ආධාර හා ප්‍රතිපදාන ලබාදීමේ කටයුතු, රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු, හදිස්සි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීම සහ පරිසර දූෂණ පාලන කටයුතු වැනි සාමාන්‍ය පොදු පහසුකම් හා සේවා කළමනාකරණය කළ හැකි සමාගමක් ලෙස ක්‍රියාත්මක වේ.

මේ සමාගමේ 50.7% ක කොටස් වරාය අධිකාරිය සතු වේ. ඉතිරි 49.3% ක ප්‍රමාණය සතුවන්නේ චයිනා මර්චන්ට් පොර්ට් සමාගමටය.

මේ ගිවිසුමේ බැඳෙන අනෙක් සමාගම වන්නේ Hambantota International Port Group (pat) ltd (HIPG) සමාගමයි. මෙහි කොටස් බෙදීයාම කොළඹ ව්‍යාපෘතිවලට අනන්‍ය වේ. එම අනන්‍යතාව අනුව 15% වරාය අධිකාරියටත් 85%ක් චයිනා මර්චන්ට් පොර්ට් සමාගමටත් වශයෙන් එහි කොටස් බෙදී ගොස් තිබේ.

මේ අතර, අදාළ කොටස්වලින් 20%ක් වසර 10ක් තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් විකිණීමට එකඟව ඇත.

මෙහි ගිවිසුම් කාලය වසර 99කි. එසේම ගිවිසුම ආරම්භක දිනයේ සිට වසර 70ක් ගතවූ පසුව සියලුම කොටස් ප්‍රමාණය මිලදී ගැනිමට හෝ වසර 80ක් ගතවීමෙන් පසුව HIPS සමාගමේ කොටස්වලින් 76.8% ක් HIPG සමාගමේ කොටස්වලින් 60%ක් ඩොලර් 1කෙ මිලදී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිතිය තිබේ.

මේ ගිවිසුමට අනුව හම්බන්තොට වරායට අයත් හෙක්ටයාර 1574 ක සීමාවෙන් 1151 ක් බදුදීමට නියමිතය.

උපුටා ගැනීම – ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය

Related posts

ඔක්: 1 සිට දුම්රිය ගාස්තුත් ඉහළට

colombotoday

මද්‍රසා අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගන්නවා. ඇමති අකිල විරාජ් පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday

අධිකරණ ඇමතිගෙත් ආචාර්ය පට්ටම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කරයි

Admin

අටුළුගම ගිය කහවත්තෙ පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායනයට

colombotoday

සහරාන්ගේ ෆේස්බුක් මිතුරන්ගේ තමිල්නාඩු රහස් නිවාස 7ක් වටලයි

colombotoday

රාමනායකගේ ජීවිතය බරපතල අවදානමක – විපක්ෂ නායක හිරගෙදර සිට පැමිණ කියයි

colombotoday