Colombo Today Local News

යාපන සරසවි ඉතිහාසයේ මුල්වරට දෙමළ සිසුන් සිංහල ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ ගුණ සමරයි

පසුගියදා යාපනයේදී සිදුවූ වෙඩි තැබීමකදි ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරියාගේ ගුණ සිහිකිරීමේ සැමරුම් වැඩසටහනක් ඊයේ (24) දා යාපනය විශ්ව විද්‍යාලයේදී සංවිධානය කර තිබිණි.

දමිළ සිසුන් විසින් සිංහල ආරක්ෂක නිලධාරියෙකුගේ ගුණ සැමරීම සිදුකළේ යාපන විශ්වවිද්‍යාල ඉතිහාසයේ මුල්වරට වීමද විශේෂත්වයක් විය.

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතාගේ ආරක්ෂාවට ගමන් කරමින් සිටියදී යාපනය, නල්ලූර් කෝවිල අසලදි වෙඩි ප්‍රහාරයක්ට ලක්ව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාගේ ඡායාරූපයක් අභියස මල් තබා ඉටිපන්දම් දල්වා ගුණසැමරීම සිදුවිය.

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ජාති, ආගම් භේදයකින් තොරව තවත් පුද්ගලයෙකුගේ දිවි රැකීමට කටයුතු කළ පොලිස් සැරයෙන් හේමචන්ද්‍ර වීරයෙක් බවයි.

එම ප්‍රහාරය තරයේ හෙළාදකින බවත්, රජය වාහම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන දඩුවම් ලබාදිය යුතු බවත් විශ්වවිද්‍යාල සිසුන් ඉල්ලා සිටිති.

Related posts

මාර්ගයෙන් ඉවතට පැන්න ත්‍රීරෝද රථයේ සිටි මාස 9ක බිළිදෙක් මිය යයි

Admin

තෙවරප්පෙරුම දෙවරක් නොසිතයි.. ඕඅයිසී ට මහ පාර මැද තිත්ත කතාවෙන් බැණ වදී (Video)

colombotoday

මෛත්‍රී විදෙස්ගත වීම සැක සහිතයි – මන්ත්‍රී කාවින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Admin

නාවික හමුදාපති පියල් ද සිල්වා අද විශ්‍රාම යයි

colombotoday

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම් ! විග්නේෂ්වරන් 13 ට පණ දෙයි

colombotoday

සමෘද්ධි ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයින් හදුනා ගෙන නුසුදුසුන් ඉවත් කළ යුතුයි – ජනපති

Admin