සතොස විසින් විදේශ රටවලින් ආනයනය කරන සහල් තොග සමගත් මත්කුඩු හා කොකේන් තොග පිටින් ගෙන්වන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය චෝදනා කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, මෙරටට ගෙන්වන සෑම භාණ්ඩයක්ම පරීක්ෂා කිරීමට ක්රමවේදයක් නොමැතිකම ලැජ්ජාවට කරුණක් බවයි.
හාල් මිල පාලනය කිරීම සදහා ජනාධිපතිවරයා විසින් සහල් ආනයනය කිරිමට ලබා දි තිබෙන අවසරයද ප්රයෝජනයට ගෙන එම සහල් තොග අස්සේ සගවා මත්කුඩු තොග පිටින් ගෙන්වීමේ සූදානමක් ඇතැයිද එම සංවිධානය පවසයි.