Colombo Today Local News

පොරොන්දු ඉටු නොකළොත් වැඩ වරදී ! – එ.ජා නියෝජ්‍ය ලේකම් ලංකාවට අනතුරු අගවයි

පොරොන්දු වූ පරිදි වත්මන් ආණ්ඩුව ප්‍රතිසංස්කරණ සිදු කරමින් සංහිඳියා ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යෑමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයකට පත්වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ දේශපාලන කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානි ජෙෆ්රි ෆෙල්ට්මන් පවසයි.

මෙරට සංචාරය අවසානයේ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, මුල පිරීම් සහ පොරොන්දු ඉටු නොවීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවයි.

එක්සත් ජාතීන්ගේ ජිනීවා යෝජනාවේ නිර්දේශ කඩිනමික් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව හදුනාගෙන ඇති බවට තමන්ට විශ්වාසයක් පවතින බවද ඔහු සදහන් කර ඇත. “මම රටින් යන්නේ විශ්වාසයක් ඇතිවයි. ආණ්ඩුව අර්බුද සහ අභියෝග හඳුනාගෙන ඇති බවට විශ්වාසයක් තිබෙනවා. මුල පිරීම්, ප්‍රතිසංස්කරණ සහ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි” යැයිද ඔහු ප්‍රකාශ කර ඇත.

Related posts

දික්වැල්ලේ පොලිස් වැටලීමකදී සොයා ගත් ගිනි අවි

colombotoday

ඉන්දීය විදේශ ලේකම් අගමැති මහින්ද හමුවෙයි

colombotoday

පුත්තලම මනාප ප්‍රතිඵල

colombotoday

පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකසන්න උපදෙස්

Admin

බිත්තරයක මිල රුපියල් 5කින් අඩු වෙයි

colombotoday

වෛරයෙන් නොව බුද්ධියෙන් කතිරය ගහන්න

Admin