Colombo Today Local News

මහනාහිමි තීරණය නොතැකේ.. ව්‍යවස්ථා මණ්ඩලයෙන් විමල් ගියාට ඒකාබද්ධය නොයයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙන් ඉවත් නොවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක් එක් පක්ෂවලට සිය අනන්‍යතාව රැකෙන පරිදි මේ සම්බන්ධයෙන් ස්වාධීනව තීරණයක් ගැනීමට අවස්ථාව ලබාදීමට එහිදී තීරණය කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණ ඊයේ (19දා) කතානායකවරයාට ලිපියක් භාරදෙමින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් සහ ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වූ අතර මහජන එක්සත් පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා පිවිතුරු හෙළ උරුමය තවදුරටත් මෙම මණ්ඩලවලට සම්බන්ධ විය යුතු බවට තීරණය කර ඇත.

පෙරේදා (18දා) රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ නායක හමුවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට පැමිණ තිබේ.

Related posts

කොටි ඩයස්පෝරාව ස්විස්ටලන්තයේදී තමිල් චෙල්වම් සහ ඇන්ටන් බාලසිංහම්ව සමරයි.

colombotoday

රනිල් හැර වෙනත් අයෙක් අගමැති කරන්නෑ – එජාපය ද්‍රවිඩ සන්ධානයට ලිඛිතව පොරොන්දු වෙයි…

colombotoday

බදුර්දීන්ගේ රුව සහ පක්ෂ ලකුණ යෙදු ගිණි පෙට්ටි බෙදු අය අත්අඩංගුවට

colombotoday

මහනාහිමියන් සංවේදී වෙයි.. සති දෙකකින් පිළිතුරු දෙන්න පොරොන්දුවක් !

colombotoday

මුදල් සංසරණයට නව කාසියක්

colombotoday

මහා සංඝරත්නය පිටකොටුවේ සත්‍යග්‍රහයක් අරඹයි – විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විරෝධතා පෙළපාලියකින් කොළඹට

colombotoday