Colombo Today Local News

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගෙන නෑ.. වසර 10ක බදු අරගෙන පමණයි.. අයිතිය නෙවිල්ටමයි !

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන නොමැති බවත්, එය වසර 10ක බද්දකට ලබාගෙන ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

එම ආයතනය රජයට පවරාගෙන ඇතැයි ආණ්ඩුවේ ඇමතිවරුන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන බවත්,නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නැයි කිසිවෙකු ඉල්ලා නොසිටි බවත් හෙතෙම කියා සිටියේ ඊයේ (17) මරදාන සාමයික කේන්ද්‍ර යේ පැවති මාධ්‍ය සාකච්චාවකට එක්වෙමිනි.

“අපිකිව්වේ සයිටම් අහෝසි කරන්න කියලා.සමහරු කිව්වා සයිටම් ජනසතු කරන්න කියලා.නමුත් ආණ්ඩුව යන්නේ කොහේද මල්ලේ පොල් වගේ උත්තරයක් ලබාදෙමින් රෝහලක් ජනසතු කළා කියනවා.රෝහල පවරාගන්න කියලා කිසිකෙනෙක් ඉල්ලුවේ නැහැ.සයිටම් එක රජයට පවරාගන්න කිව්වාම ආණ්ඩුව කිව්වේ පෞද්ගලික දේපොළ රජයට පවරාගන්න බැහැ, ඒකට නීතිමය බාධාවක් තිබෙන බවයි.එසේනම් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත්ත බව කියන්නේ කෙසේද?එසේ නම් මේ අය නීතිමය බාධාව ගැන කියපු දේ බොරු.එසේ නැතිනම් රෝහල රජයට පවරාගෙන නැහැ.

මේ සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් ආණ්ඩුව ඉදිරිපත් කළා.එම කැබිනට් පත්‍රිකාවේ තිබෙන දේ සහ ආණ්ඩුව පවසන දෙය අතර විශාල වෙනස්කම් තිබෙනවා.එම කැබිනට් පත්‍රිකාවේ තුන්වැනි පිටුවේ තුන්වැනි වගන්තියේ සඳහන් වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයයි, ලංකා බැංකුවයි, නෙවිල් ප්‍රනාන්දු රෝහලයි අත්සන් කරන ගිවිසුමකට අනුව වසර 10කට නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා රජය විසින් බද්දට ගන්නවා කියලා.බදු ගන්නා කාලය තුළ නාමික බදු මුදලකුත් ගෙවනවා.

බද්දට ගත් කාලය තුළ මෙහි සියලු දේපොළවල අයිතිය නෙවිල් ප්‍රනාන්දුට අයිති බව මෙහි පැහැදිලිව සඳහන් වෙනවා.මේක රජයට අයිති වෙන්නේ නෙවිල් ප්‍රනාන්දු ණය ගෙවා අවසන් කළ පසුවයි. ණය ගෙවා අවසන් කිරීමට නියමිත කාලයක් මෙහි කිසිම තැනක සඳහන් වෙන්නෙ නෑ.නෙවිල් ප්‍රනාන්දු ණය ගෙවා අවසන් වූ කාලයක මෙය රජයට අයිති වෙනවා. මිලියන 2000 ණය ගෙවන්න අවුරුදු 100ක් ගතවුණොත් එම කාලය තුළ අයිතිය තිබෙන්නේ නෙවිල් ප්‍රනාන්දුට හා ඔහුගේ අනුප්‍රාප්තිකයාටයි.

නෙවිල් ප්‍රනාන්දුට අයිති සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයවිශාල ලාභ ලබා තිබෙනවා. දේශීය ආදායම්දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2014 වසරේශුද්ධ ලාභය රුපියල් මිලියන 1265යි. ගිය අවුරුද්ද වෙද්දි එය රුපියල් මිලියන 1300ක් වෙනවා. නමුත් මෙම අධ්‍යාපන කඩය ආණ්ඩුව ගන්නෙ නෑ. නමුත් පාඩු ලබන නෙවිල් ප්‍රනාන්දු රෝහලට භාරකාරීත්වයක් සහ අරමුදල් සැපයීමට රජය දායක වෙනවා”

Related posts

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

උසස් පෙළ සිසුන් එන්නත්කරණය කොළඹින් ඇරඹේ

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයක ජන්ද පත්‍රිකා මුද්‍රණය නවතී

colombotoday

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 35 ක් දිවයිනට

colombotoday

කුකුළු මස් මිල තවත් ඉහළට

colombotoday

බැඳුම්කර වංචාවට සම්බන්ධ රනිල් වික්‍රමසිංහට දඬුවම් දිය යුතුයි

colombotoday