Colombo Today Local News

“පල නොකියා පළා බෙදන්න ආවොත්, ආත්ම ගරුත්වය රැකගෙන ආණ්ඩුවෙන් යනවා“ – රන්ජන්

රජයෙන් යන ලෙස කියමින් යන්න යෑයි පල නොකියා පලා බෙදුවොත් ආත්ම ගෞරවය රැකගැනීම සඳහා තමාට “යන්න වෙනවා” යෑයි නියෝජ්‍ය ඇමැති ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක කියා සිටියේය.

රන්ජන් රාමනායක මහතා රජය විවේචනයට ලක්‌වන ආකාරයේ විවිධ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට දොස්‌ පැවරූ බවට පළවන වාර්තා පිළිබඳව කළ විමසීමකදී හෙතෙම එසේ කියා සිටියේය.

රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

පසුගිය රජයේ අල්ලස්‌ සහ දූෂිත ක්‍රියා කළ පුද්ගලයන්ට එරෙහිව මම පැමිණිලි රාශියක්‌ කළා. ඒ හොරුන් අල්ලන බවට මම ජනතාවට පොරොන්දු වුණා. ගමේ යද්දී මිනිස්‌සු අහනවා කෝ හොරු ඇල්ලුවාද කියලා. මම කතා කළේ හදවතින්මයි. මට අවස්‌ථාවක්‌ දෙනවා නම් ඔය පුද්ගලයන්ව සාක්‍ෂි ඇතිව අල්ලන්න පුළුවන්. අද මට වුණේ වඳින්න ගියම දේවාලය ඉහට කඩාවැටුණු වැඩක්‌ වගේ එකක්‌.
1956 දී බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ කාලේ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසමේ වාර්තා අනුව එදා කැබිනට්‌ මණ්‌ඩලයේ පස්‌දෙනකුගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. එදා නඩු ගියේ නැහැ.

රජයෙන් ඔබ ඉවත් වුණොත් සැබෑ වීරයෙක්‌ වෙන්න පුළුවන් නේදැයි අප ප්‍රශ්න කළ විට රාමනායක මහතා මෙසේ පැවසීය.
ඉවත් වෙලා මට හඬ නගන්න බැහැ. ඒක පාර්ලිමේන්තුවේ ඉඳලාම කරන්න ඕනෑ. අනික මනාප දෙලක්‍ෂ දහසය දහසක්‌ අරගෙන මා පාර්ලිමේන්තුවට ආවේ.

හැබැයි මට යන්න කියමින් පලා බෙදුවොත් මගේ ආත්ම ගෞරවය රැකගන්න යන්න වෙනවා. අගමැතිතුමා එක්‌සත් ජාතික පක්‍ෂ නායකයා. එතුමාට බලතල තිබෙනවා. එතුමා මට යමක්‌ කිව්වොත් එය ප්‍රතික්‍ෂේප කරන්න බැහැ. මට යන්න වෙනවා.

Related posts

ප්‍රාදේශීය පොලීසිවල ක්‍රියාකාරීත්වය ගැන තමන් සතුටු නොවන බව ආරක්ෂක ලේකම් කියයි

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් පසු නවතා දමා තිබු පකිස්තානු මක්තබ් මද්‍රසා යලි ආරම්භ කිරීමට උලමා සභාව සුදානමින්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයෙක් කලවානෙන් හමුවේ.. වෙළදසැල් වසා දමයි

colombotoday

මාලිමාවේ ඉන්නේ භික්‍ෂුන් වහන්සේලා අනෙක් පක්ෂවල ඉන්නේ චීවරධාරීන්

Admin

සහන රැසක් ගෙනෙන මාලිමා අයවැය අද

Admin

සම්පත් බැංකුවේ ඇති ගිණුම් ඉවත් කර අමානා බැංකුවේ මුදල් තැන්පත් කරන ලෙස ජමිතුල් උලමා සංවිධානය මුස්ලිම් ජනතාවට දැනුම් දීලා

colombotoday