අද වන විට පුරවැසි බලය නමැති “කුහක” සංවිධානයේ පුද්ගලයන් කිහිප දෙනෙක් සහ භික්‌ෂුන් වහන්සේ නමක් “ඒකීය” රටක් තුළ උපරිම ලෙස බලය බෙදිය යුතු යෑයි දිවයින පුරා දේශනා පවත්වමින් යති. එයට වර්තමාන රජයේ දේශපාලනඥයන් කිහිප දෙනෙක්‌ද සහභාගි වී සිටිති. ඊර්ෂ්‍යාකාරයෝ යනු තමා සමඟ තරග වදින තමා දන්නා හඳුනන අයගේ යහපත, දියුණුව නොඉවසන්නෝය. “කුහකයෝ” යනු මුළුමහත් ජාතියක් සතුටින් සමගියෙන් සිටිනු දැකීම නොරිස්‌සන්නෝය. ඔවුන් වනාහි රටක පහල වන “සුජාත” පුද්ගලයෝ නොවෙති. මන්ද ඔවුන් තමන්ට ලැබෙන පුද්ගලික වාසි කතා එක් ජාතියකට සහාය දක්‌වමින් මතුවට ජාතීන් අතර කුලල් කා ගන්නා තත්ත්වයක් රට තුළ ඇති කිරීමට සෘජුව දායක වන බැවිනි. සමාජයක යහපත තකා වැඩ කරන්නේ “සුජාත” පුත්‍රයන් මිස “අවජාත” පුත්‍රයන් නොවේ. අවජාතකයන්ට තමන්ගේම ජාතියක් ජන්මයක් නොමැති බැවින් සමාජයේ ජාතීන් අතර කුමන අන්දමේ ප්‍රශ්න මතු වුවද මුදලට ඕනෑම ජාතියක් පාවා දීමට ඔවුන් පසුබට නොවෙති. කරුණු එසේ වුවද ඇත්ත වශයෙන්ම “කුහක” “සුජාත නොවන” ගණයට වැටෙන්නේ තමා දැනුවත්වම එයට අනුකූලව කටයුතු කරන්නන් පමණි. තමා කරනුයේ අනිසි දෙයක් බැව් “පුරවැසි බලයේ” කෙනෙකුට දැන්වත් වැටහී ගියහොත් එම සංවිධානයෙන් ඉවත් වී තමාගේ “ආත්ම ගෞරවය” රැක ගැනීමට ඔහුට තවමත් අවකාශ තිබේ.
“ඒකීය” රටක් යනු රට පුරාම එක නීතියක්, එක ජාතික ප්‍රතිපත්තියක් පවතින තත්ත්වයකි. ඒකීය රටක් යනු පෙඩරල් නොවන රාජ්‍යයකි. පුරවැසි බලය පවසන අයුරින් පළාත් නවයෙහි ප්‍රධාන ඇමැතිට සහ ඇමැති මණ්‌ඩලයට විවිධ විෂයන් සම්බන්ධයෙන් තම තමන්ගේ පළාතේ වෙනම නීති සම්පාදනය කිරීම සඳහා බලය ලබාදුනහොත් පළාත් නවයේ තිබෙනුයේ එකම විෂයක් සම්බන්ධයෙන් නීති නවයකි.
අද වන විට පළාතක ප්‍රධාන ඇමැතිට තමාට අවශ්‍ය ආකාරයේ නීති සම්පාදනය කළ නොහැක්‌කේ ප්‍රධාන ඇමැතිට ඉහළින් සිටින ආණ්‌ඩුකාරවරයාට ජනපති විධායක බලය පාවිච්චි කරමින් එම “අහිතකර නීති” අවලංගු කළ හැකි නිසාය. උදාහරණයක් ලෙස උතුරේ මහ ඇමැති හෙට දින උතුරේ බුදු පිළිම ඉවත් කළ යුතු යෑයි නීතියක් ගෙන ආවොත් ආණ්‌ඩුකාවරයාට එය ප්‍රතික්‌ෂේප කළ හැක. පුරවැසි බලය දැන් තම සහාය දෙන්නේ පළාත් සභාවට උපරිම බලය පවරමින් ආණ්‌ඩුකාවරයාගේ බලතල අහෝසි කොට ආණ්‌ඩුකාරවරයා “නාමික” තනතුරක් බවට පත් කළ යුතුය යන යෝජනාවටය.
තවද 13 වන සංශෝධනය අනුමත වූ පසු තවමත් රට “ඒකීය” රටක් ලෙස පවත්වාගෙන යැමට ඉවහල් වන එක් කරුණක් නම් “සමගාමී” ලැයිස්‌තුවයි. එහි සෞඛ්‍ය, පරිසරය, අධ්‍යාපනය, විවාහ, පුරාවස්‌තු යනාදී විෂයන් 36 ක් අඩංගු අතර, යම්කිසි පළාතක් ඒ සම්බන්ධයෙන් නීති සම්පාදනය කරන විට මධ්‍යම රජයේ අනුමැතිය ගැනීම අවශ්‍ය වේ. උදාහරණ ලෙස හෙට දින නැගෙනහිර මුස්‌ලිම් මහ ඇමැතිවරයා ෂර්යා නීතියට අනුව මුස්‌ලිම්වරුන්ට අවුරුදු 12 න් පහළ ගැහැනු ළමයි විවාහ කර ගත හැකි යෑයි නීතියක් ගෙන ආවොත් මධ්‍යම රජයට එම වැලකිය හැකි වන්නේ “විවාහ/ උප්පැන්න” යන විෂය සමගාමී ලැයිස්‌තුවට අයත් බැවිනි. කුමන අභය භූමියේ අක්‌කර 500 ක් එළිකොට තට්‌ටු නිවාස ඉදිකිරීමටත්, දීඝවාපි භූමියේ පරිවාර චෛත්‍යය ඩෝසර් කොට කර්මාන්තශාලාවක් ඉදිකිරීමටත් තීරණය කළහොත් මධ්‍යම රජයට එය වැලකිය හැක්‌කේ “පරිසරය” සහ ” පුරාවස්‌තු” යන විෂයන් සමගාමී ලැයිස්‌තුවට අයත් බැවිනි. පුරවැසි බලය උපරිම ලෙස බලය බෙදිය යුතු යෑයි කියන්නේ සමගාමී ලැයිස්‌තුව අහෝසි කළ යුතු යෑයි යන ව්‍යවස්‌ථා සංශෝධනයට සහාය වෙමිනි. ආණ්‌ඩුකාවරයාගේ බලය අහෝසි කර සමගාමී ලැයිස්‌තුවද අහෝසි කළ විට අපේ රටට පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැති බැව් ඕනෑම කෙනෙකුට වැටහෙන කරුණකි. එවිට රටක් ඒකීය වන්නේ කෙසේද? එසේ නම් “ඒකීය” රටක් තුළ උපරිම ලෙස බලය බෙදනවා යෑයි කියන්නේ රටේ ජනතාව රවටා රට පෙඩරල් කිරීමට නොවේද?
විශේෂයෙන් උතුරු පළාතට බලය බෙදන්නේ දෙමළ ජනතාවට සිsදු වී ඇති අසාධාරණය වැළැක්‌වීමට බව කියති. නමුත් උතුරේ ජීවත් වන්නේ සමස්‌ත දෙමළ ජනතාවගෙන් 49% ක් පමණක් බව “පුරවැසි බලය” දැන නොගැනීමට ඔවුන් අත දරුවන් නොවේ. දෙමළ ජනතාවට සිදුවන “අසාධාරණය” වැළැක්‌වීමට උතුරට උපරිම ලෙස බලය බෙදන්නේ නම් වෙනත් වචනයකින් කිවහොත් “ඒකීය” රටක් තුළ උතුරට පෙඩරල් දේ නම් එයින් දකුණේ සිංහලයෝ සමඟ ජීවත් වන සියයට පනහටත් වඩා සිටින දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳෙන්නේ කෙසේද? එයින් හැඟෙන්නේ පුරවැසි බලය දකුණේ සිටින දෙමළ ජනයාගේ ප්‍රශ්න පිළිබඳව සැලකිල්ලක් නොදක්‌වන බවද එසේත් නැතහොත් දකුණේ ජීවත්වන බහුතර දෙමළ ජනයාගේ ප්‍රශ්න දැනටමත් විසඳී ඇති බවට ඔවුන් තෘප්තිමත් වී ඇති නිසාද? දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳීමට උතුරට පෙඩරල් දිය යුතු නම් දෙමළ ජනයා 95% වෙසෙන වැල්ලවත්තට, බම්බලපිටිය, කොටහේනටද පෙඩරල් දිය යුතුද? පුරවැසි බලයේ සිටින්නන් අතර, කශේරුකාවක් ඇති එකෙක් හෝ සිටී නම් මෙයට පිළිතුරු දීමට ඉදිරිපත් විය යුතුයි.
උතුරේ ප්‍රධාන ඇමැති විග්නේශ්වරන් දැනටමත් උතුරු පළාතේ සිංහලයන්ට ජීවත් වීමට අයිතියක් නොමැති බව පවසයි. එසේම දෙමළ තරුණ තරුණියන්ට සිංහල තරුණ තරුණියන් හා විවාහ නොවිය යුතු බව පවසයි. තවද උතුරේ බුදු පිළිම ඉවත් කළ යුතු යෑයි කිලිනොච්චියේ පෙළපාලි යයි. මෙම ජාතිවාදී ප්‍රධාන ඇමැතිගේ “හැසිරීම” වර්තමානයේ “බලයක් නොමැතිව” මෙසේ නම් පුරවැසි බලය කියන අයුරින් ඔහුට “උපරිම බලය” දුනහොත් සිංහලයාට සහ උතුරේ බෞද්ධ උරුමයන්ට අත්වන ඉරණම කුමක්‌ද? මෙවන් දෙයක් සිදුවන බැවින් දැන දැනම උතුරට උපරිම ලෙස බලය දිය යුතු යෑයි මොර දෙන්නන් “සුජාත” පුද්ගලයන් නොවේ යෑයි කීමේ වරද කුමක්‌ද? ව්‍යවස්‌ථාව සංශෝධනය කොට උපරිම ලෙස බලය බෙදිය යුතු යෑයි කියන්නේ බෙදුම්වාදී දෙමළ ඩයස්‌පෝරාව, ද්‍රවිඩ සන්ධානය, බටහිර රටවල් සහ එ. ජා. ගේ මානව හිමිකම් කොමසාරිස්‌වරයාය. සිංහල මහා ජාතියට සහ බුදු දහමට දැඩි ලෙස අසාධාරණයක් වන බවත් යෝජනාවකට සහාය දිය හැක්‌කේ ඩොලර්වලට තම ජාතිය විකුණන “සිංහලයන්” සේ පෙනී සිටින “අසිංහලයන්ට” පමණක් නොවේද? එවන් පුද්ගලයන් “සුජාත” නොවන කරුණත් එයම නොවේද?
පුරවැසි බලයේ භික්‌ෂුන් වහන්සේ නමක්‌ද “උපරිම බලය” බෙදීමේ “අමිල” මෙහෙවරෙහි නියුක්‌ත වී ඇති සෙයක් පෙනේ. වර්තමාන බෞද්ධ භික්‌ෂුව ආර්ය සංඝරත්නයෙන් පැවතෙන අතර, උන්වහන්සේලා අපේ ඉතිහාසය පුරාම සිංහලයා සහ රට ආරක්‌ෂා කිරීමට තම ජීවිත පවා පරිත්‍යාග කොට ඇත්තාහ. බුදු සසුන ආරක්‌ෂා කරනුයේ භික්‌ෂුන් වහන්සේලා වන අතර, භික්‌ෂූන්ට සිවුපසයෙන් සංග්‍රහ කොට උන්වහන්සේලාව රක්‌ෂා කරනුයේ සිංහලයන්ය. සිංහලයාට අවදානමක් ඇති වන විට ඔවුන්ට අසාධාරණයක් සිදුවන විට ඔවුන් ජීවත් වන රට අනතුරට ලක් වන විට බෞද්ධ භික්‌ෂුන් වහන්සේලා නිවන් දැකීම පසෙකලා එම තත්ත්වය මැඬලීමට දිවි පරදුවට තබා ඉදිරිපත් වූයේ එබැවිනි. මන්ද එම “අනතුර ” සෘජුව බුදු සසුනේ පැවැත්මට අහිතකර ලෙස බලපාන බැවිනි. ථෙරපුත්ථාභය තෙරණුන්ගේ පටන් මහනාම හිමි, ඉහගම හිමි, කුඩාපොල හිමි, වාරියපොල සුමංගල හිමි දක්‌වා සිංහලයා, රට සහ ඒ තුළින් සසුන ආරක්‌ෂා කිරීමට බෞද්ධ භික්‌ෂුන් වහන්සේලා දහස් ගණනින් කැප වූයේ එම පරාර්ථකාමී උදාර අරමුණ වෙනුවෙනි.
ඒ අනුව බලන විට අද සිංහලයා දැඩි ලෙස ආසාධාරණයට පත් වන විශේෂයෙන් උතුරු, නැගෙනහිර බෞද්ධ උරුමයන් බෞද්ධ භික්‌ෂුව දැඩි ලෙස අවදානමට පත් වන ඊනියා බලය බෙදීමේ ක්‍රියාවලියට සහාය දිය හැක්‌කේ කවර නම් භික්‌ෂුවකටද? එබැවින් උපරිම බලය බෙදීමේ “කුහක” වෑයමට නොදැනුවත්වම හෝ සම්බන්ධ වී සිටින භික්‌ෂුන් වහන්සේලාගෙන් අප ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ එම වෑයම තුළින් සිංහලයාට සහ බෞද්ධ උරුමයන්ට උදා වන ෙ€දනීය තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කරන ලෙසටය. දැනටමත් නාගදීපයේ බුදු පිළිමය ඉදිකිරීම විග්නේශ්වරන් ප්‍රධාන ඇමැති තහනම් කොට ඇති අතර, නැගෙනහිර බෞද්ධ පුරාවස්‌තු අන්‍ය ජාතිකයන් විසින් විනාශ කරමින් තිබේ. මුහුදු මහා විහාරය සතු ඉඩම්හි බලෙන් පදිංචි වී ඇති අතර, එම පන්සලට බස් රථයකින් යා නොහැකි වන සේ පාර දෙපස මුස්‌ලිම් ජනයා පදිංචිව සිටී. විවිධ අභියෝග, තර්ජන, ගර්ජන මධ්‍යයේ ඉදිකර ඇති චෛත්‍ය රාජයා, පොළවට කිදා බස්‌සවා විනාශ කිරීම සඳහා ඒ අවට මහා පරිමාණයෙන් වැලි ඉවත් කිරීම කරගෙන යනු ලැබේ. බලය නොබෙදා මෙසේ නම් බලය උපරිම ලෙස බෙදු විට කුමක් සිදුවේද?
කරුණු එසේ බැවින් විශේෂයෙන් උතුරු, නැගෙනහිරට උපරිම බලය ලබාදුන් විට මෙවන් වූ අවදානමකට මංපෙත් විවෘත වේ නම් එම ඊනියා බලය බෙදීමට භික්‌ෂුන් වහන්සේ නමක් සහාය දීම අපට මහත් ශෝකයක් ගෙනදෙන කරුණකි. උතුරෙන් සිංහලයා පලවා හැර ඔවුන්ට උතුරේ ජීවත් වීමට අයිතියක් නැතැයි ප්‍රසිද්ධියේ පවසන උතුරේ බුදු පිළිම ඉවත් කළ යුතු යෑයි පෙළපාලි යන මහ ඇමැතිවරයෙක්‌ට තවත් “උපරිම” බලය දිය යුතු යෑයි දේශනා කරන භික්‌ෂුවක් සිංහලයාගෙන් තවදුරටත් සිවුපසයෙන් සංග්‍රහ ලැබීමට සුදුසුද?.
මහා විජයබාහු, ධාතුසේන, වලගම්බා වැනි රජවරුන්ව ආරක්‌ෂා කොට, පන්සලේ සඟවා තබා දන් බත් කෑමටද සේනාව රැස් කිරීමටද උපකාරී කොට අවසානයේ සතුරා පලවා හැරීමට එදා නායක භික්‌ෂුන් වහන්සේලා කටයුතු කළේ සසුන රැකීමටය. එවන් භික්‌ෂු පරම්පරාවකින් පැවතෙන භික්‌ෂුවකට එම සම්ප්‍රදායද රැකීමට සිදුවේ. සසුන ආරක්‌ෂා කිරීම “ග්‍රාමවාසී” භික්‌ෂුවකගේ “අමිල” යුතුකමක් වන අතර, එය කිනම් හෝ “මිලකට” පාවා දීම භික්‌ෂුන් වහන්සේ නමකට තරම් නොවේ.
දැනටමත් ජනවාර්ගික ශුද්ධය මඟින් උතුරේ සිංහල/ මුස්‌ලිම් ජනයා පලවා හැර ඇත. උතුරට උපරිම බලය බෙදුවහොත් සිංහලයාට හෝ මුස්‌ලිම් ජනයාට උතුර පදිංචිය සඳහා තහනම් කලාපයක් වනු ඇත. නැගෙනහිර පළාතට උපරිම බලය බෙදු විට එහි සුළු ජාතියක් වන සිංහලයාට පල නොකියා පලා බෙදනු ඇත. දිනෙන් දින බෞද්ධ උරුමයන් විනාශ කරමින්, සිංහලයාට එසේ කෙනෙහිලිකම් වන විට දකුණේ සිංහලයෝ නිවට ලෙස බලා සිටීද? ඔවුන්ගේ එම සාධාරණ වෛරය හමුවේ දකුණේ වෙසෙන දෙමළ ජනයාට සැනසිල්ලේ ජීවත් විය හැකිද? එය නිරතුරුවම ජාතිවාදී කෝලාහලයන් ඇති වන තත්ත්වයක් නොවේද? පුරවැසි බලය රටේ ඇති කිරීමට යන්නේ එවන් තත්ත්වයක් නොවේද?
දේශද්‍රෝහියා යනු දේශයට ද්‍රෝහි වන්නාය. ඕනෑම රටක දේශද්‍රෝහීන්ට මරණ දඬුවම දෙන්නේ තම මවුබිමට ද්‍රෝහී වීම අතිශය බරපතළ වරදක් වන බැවිනි. දේශය කෑලිවලට කැඩීමට කුමන්ත්‍රණය කරන්නාද, දේශය ආරක්‌ෂා කරන රණවිරුවා පාවා දෙන්නාද දේශද්‍රෝහී ගණයට දැමෙන්නේ එයින් රට අස්‌ථාවර වී රටේ මතු පැවැත්ම අනතුරට ලක්‌වන නිසාය. ආචාර්ය උපාධියක් නොමැති මහාචාර්යවරුන් සිටින පුරවැසි බලයේ පුද්ගලයන්ගේ මෙම “උපරිම බලය” බෙදීමේ වෑයම දේශයට ද්‍රෝහී වීමක් බැව් සනාථ කිරීමට අප ළඟ කරුණු තිබේ. එය එසේ නොවේ යෑයි සනාථ කිරීම ඔවුන් සතු කාර්යයක් වන අතර, ඒ පිළිබඳව ඔවුන් අවධානයෙන් සිටිය යුතුවේ. මන්ද ඉදිරියේ පත් වන දේශප්‍රේමී රජය සියලුම දේශද්‍රෝහීන් නීතිය හමුවට ගෙන එන බැවිනි. දේශප්‍රේමී ජනතාව එවන් රජයකින් ඉල්ලා සිටින ප්‍රධානම දේ නම් එල්ලුම් ගස වහාම ක්‍රියාත්මක කිරීමය.
රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර