Colombo Today Local News

නව ව්‍යවස්ථා මණ්ඩලයේ පළමු වාර්තාව අගෝස්තුවේ පාර්ලිමේන්තුවට !

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සැකසු පළමු වාර්තාව මේ අගෝස්තු මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වාර්තාව ප්‍රසිද්ධියට පත් කර මහජන අදහස් ලබා ගෙන විවාදයට ලක් කළ හැකි බවද විවාදයෙන් පසුව සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ යුත්තේ කෙසේදැයි තීරණය කළ හැකි බවද අගමැති වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

බෙදීමකින් තොරව එකකඟතාවයක් ලබා ගැනිම දීර්ඝ ක්‍රියාවළියක් බවද අගමැතිවරයා අවධාරණය කළේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වාර්තාව සහ කෙටුම්පත අතර වෙනසක් තිබෙන බව පැවසූ අගමැතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව තවමත් නිරතව සිටින්නේ වාර්තාව සකස් කිරීෙම් කටයුතු බවද කමිටුව මගින් පත් කළ අනු කමිටු විසින් අනු වාර්තා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කර ඇතැයිද කීය. අගෝස්තු මස මෙහෙයුම් කමිටුවේ වාර්තාව ඉදිරිපත් කළ විට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල අදහස් ලබා ගෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ හැකි බවද පැවසිය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මහලේකම් කාර්යාලය සංවිධානය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (28) පැවති සම්මන්ත්‍රණය අමතමිනි.

Related posts

ආනයනික බිත්තරවල සාම්පල විද්‍යාගාර පරීක්ෂණ වලට යොමු කරයි

Admin

මහතීර් මොහොමඩ්ගේ වගේම මහින්දත් යළි බලය ලබා ගන්නවා – ජී.එල්.

colombotoday

ලයන් බියර් කොම්පැණියට මුදල් ඇමතිගෙන් සුපිරි බදු සහන.. බිලියන ගණනක් රජයට පාඩුයි !

colombotoday

දෛනිකව විදුලිය කප්පාදු කරද්දී වරායේ කුණු මාළු කන්නේටර් 100 කට මාස දෙකක් කෝටි 15 ක විදුලි දීලා

colombotoday

මුරලිදරන්ගේ ජීවන කතාව චිත්‍රපටයේ පෝස්ටරයක් ප්‍රසිද්ධ කෙරේ

Admin

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

Admin