රාජ්‍ය අංශයත්, කෘෂිකර්මයත් රටට බරක් සේ දකින නව ලිබරල් මතධාරී ආර්ථික විශේෂඥ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මාස ගණනාවක් තිස්සේ පැවති අවිනිශ්චිතතාව නිමා කරමින් එන අද (04) සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ බහුජන සංවිධාන සහ දුෂණ විරෝධී සංවිධාන වල විරෝධයට ලක්වූ අර්ජුන ලක්ෂ්මන් මහේන්ද්‍රන්ගේ ධුර කාලය ගිය මස අගදී නිමා වීමෙන් අනතුරුව පත් කරන ලද ආචාර්ය කුමාරස්වාමි 1950 දී පිහිටුවන ලද මහ බැංකුවේ මුල් පුටුවේ වාඩි ගන්නා දාහතර වැනියායි.
ගැලියොන් උපදේශක
ඩොලර් කෝටි හයකට අධික කොටස් වෙළෙඳපල වංචා සහ කුටෝපාය සම්බන්ධයෙන් 2011 මැයි මාසයේදී එක්සත් ජනපද අධිකරණය විසින් එකොලොස් අවුරුද්දකට සිරගත කරන ලද ශ්‍රී ලාංකික රාජ් රාජරත්නම්ගේ ගැලියොන් ව්‍යාපාර සමුහයේ විශේෂ උපදේශකයකු වශයෙන් ද ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කටයුතු කරයි.
සිව් දශකයකට වැඩි කලක් ආර්ථික ක්ෂේත්‍රයේ වෘත්තිකයකු වශයෙන් ආචාර්ය කුමාරස්වාමි මහ බැංකුවට එන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන මලික් සමරවික්‍රමගේ ප්‍රධානත්වයෙන් යුත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ උපදේශක ධුරයක සිටය.
ආර්ථික දර්ශනය:
කෘෂිකර්මයත්, රාජ්‍ය සේවාවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරක් සේ විග්‍රහ කරන නව මහ බැංකු අධිපතිවරයා ඒ ක්ෂේත්‍ර දෙකම හඳුන්වන්නේ මුල්‍ය හා මානව සම්පත් ක්ෂය කරන්නක් ලෙසිනි.
ඒ ක්ෂේත්‍ර දෙකේ යොදවා ඇති මුදල් සහ ශ්‍රමිකයන් ඉහල නිෂ්පාදන ධාරිතාවකින් යුත් ක්ෂේත්‍රයකට යොමු නොකළොත් ආණ්ඩු විසින් අපේක්ෂා කරන ඉහල වර්ධනය අත් කරගත නොහැකි බවට ඔහු මීට පෙර අනතුරු අඟවා තිබේ.
ශ්‍රමයේ මිල අඩු රටවල් සමග හෝ ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි රටවල් සමග තරග කිරීමට නොහැකි ලෙස ලංකාව මේ වනවිට හිරවී තිබෙන බවත් මේ උගුලෙන් ගොඩඒම සඳහා ලංකාව වහ වහා ප්‍රතිසංස්සකරණ කළ යුතුව ඇති බවත් ආර්ථ ශාස්ත්‍රඥයෙකු අවධාරණය කරයි.
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දෙන්නේ මෙරට ශ්‍රමයේ මිල වැඩි නිසා ශ්‍රමයේ මිල අඩු බංග්ලාදේශය වැනි රටවල් සමග තරග කිරීමට ලංකාවට මේ වනවිට නොහැකි බවයි.
මීට අමතරව, තායිලන්තය වැනි ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි රටවල් සමගද තරග කිරීමට ලංකාවට මේ වනවිට නොහැකිවී තිබෙන නිසා ලංකාව හිරවී තිබෙන බවත් මෙම උගුලෙන් ගොඩඒම සඳහා ශ්‍රම බලකායේ ඵලදායීතාවය නැංවීමේ පුළුල් ප්‍රතිසංස්කරණ ඉතාමත් ඉක්මනින් කළ යුතුව ඇති බවත් කුමාරස්වාමි මහතා පැවසීය
චීනය සහ වියට්නාමය වගේ වෙන්න අපිට බෑ
යුද්ධයෙන් පසුව ලංකාවේ ආර්ථික වර්ධනයට ප්‍රධානතම හේතු ලෙස විදේශ ණය මත රජය සිදුකළ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යපෘති සහ අත්හැර දමා තිබුණු ධාරිතාවයන් ප්‍රයෝජනයට ගැනීම කැපී පෙනුණු බව ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.
විදේශීය ණය අඩු චීනය සහ වියට්නාමය රාජ්‍ය ආයෝජන මගින් ආර්ථික වර්ධනය ඉහළ නැංවීමේ ප්‍රතිපත්තියක සිටියත් මේ වනවිට, ලංකාවේ විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 75කට ආසන්න නිසා තවදුරටත් ණයට මුදල් ගෙන සිදුකරන රාජ්‍ය ආයෝජන පුළුල් කිරීම මෙරටට අසීරු යැයි හෙතෙම කීය.
එසේම, අත්හැර දමා තිබූ ධාරිතාවයන්ද අපි මේ වනවිට උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන ඇතැයි අර්ථ ශාස්ත්‍රඥ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දුන්නේය.
අපි ඉදිරියට යා යුත්තේ කෙසේද ?
මෙවැනි තත්ත්වයක් තුළ ලංකාවේ ඉදිරි ආර්ථික වර්ධනය සැලසුම් කළ යුත්තේ පුද්ගලික අංශය කේන්ද්‍ර කරගනිමින් අපනයන වර්ධනය කිරීම සහ වැඩිපුර සෘජු විදේශීය ආයෝජන කැඳවා ගැනීමේ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම මගින් යැයි කුමාරස්වාමි මහතා අවධාරණය කළේය.
මේ නිසා, අපනයන ප්‍රවර්ධනය වන ආකාරයේ සහ සෘජු විදේශීය ආයෝජන වැඩිපුර කැඳවා ගතහැකි ආර්ථික ප්‍රතිසංස්කරණ මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් වහාම හඳුන්වා දිය යුතුයැයි හෙතෙම පැවසීය.
සියයට 10ක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට හැකි සෘජු විදේශීය ආයෝජන ගෙන්වා ගැනීම කළ හැකි දෙයක් බවත් ලංකාවේ ශ්‍රම බලකායේ නිර්මාණශීලීත්වය එළි දකින ආකාරයෙන් ඵලදායිතාවය නැංවිය යුතු බවත් කුමාරස්වාමි මහතා වැඩිදුරටත් කීය.
අතුරු අයවැයේ සහන මල්ල ගැන කියූ කතාව
පසුගිය අතුරු අයවැය මගින් ලබාදී ඇති ඔරොත්තු නොදෙන සහන හේතුවෙන් මෙරට සාර්ව ආර්ථික ස්ථායීතාවය දුර්වල කර තිබෙන බවත් අපි යන්නේ හරි පාරේදැයි නැවතත් විමසා බැලීම වැදගත් බවත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.
මෙම අයවැය මගින් ලබාදී තිබෙන සහන සඳහා මුදල් සොයාගැනීම එතරම් පහසු නොවන බවත් මේ හේතුවෙන් බදු සහ පොලිය වැඩිකිරීමට, වියදම් පාලනය කිරීමට හෝ එවැනි මිශ්‍ර තීන්දු ගැනීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.
මූලාශ්‍ර – 2015.05.28
biz.adaderana.lk
– radiogagana.lk