Colombo Today Local News

රෝගීන් 70.000ක්.. මරණ 215ක්.. මුළු කොළඹම ඩෙංගු අධි අවදානම් කළාපයක් වෙයි !

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස 15න් 14ක්ම මේ වන විට ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇතැයි ඩෙංගු මර්දන වැඩසටහන අනාවරණය කරයි.

දෙහිවල, රත්මලාන, මොරටුව, නුගේගොඩ, බත්තරමුල්ල, කොළොන්නාව, කඩුවෙල, හෝමාගම, මහරගම, පාදුක්ක, කහතුඩුව, පිළියන්දල, බොරලැස්ගමුව හා පිටකෝට්ටේ එම කලාප වේ.

මෙම වසරේ ගතවූ මාස 6 ක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 70,000 ක්‌ වාර්තා වි ඇති අතර මෙම කාලය තුළ ඩෙංගු මරණ 215 ක්‌ වාර්තා වන බවයි ඩෙංගු මර්දන වැඩසටහන සදහන් කරන්නේ.

කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, කුරුණෑගල, පුත්තලම, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව යන දිස්‌ත්‍රික්‌කවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් හමුවී ඇති අතර මේ නිසා නිරන්තරයෙන්ම තමන්ගේ නිවාස, පරිශ්‍ර සුද්ද කරගන්න. විශේෂයෙන්ම මදුරු විකර්ශන (පැඟිරි තෙල් වැනි) පාවිච්චි කරන්න. කුඩා දරුවන්ගේ ඇඟපත වැහෙන ඇඳුම් අන්දවන්න. උණ ඇත්නම් වහාම රජයේ වෛද්‍යවරයකු හමුවෙන ලෙසත් වෛද්‍යවරයකුගේ උපදෙස්‌ නැතිව අත්බෙහෙත් පාවිච්චි නොකරන ලෙසත් ඉල්ලා සිටි.

 

Related posts

ගම්පහ-කළුතර පාසල් විවෘත කිරීම පෙබරවාරි 15 ?

colombotoday

අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර අත්‍යවශ්‍ය කාර්යන් සඳහා පමණයි…

colombotoday

ආසාදිතයින් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතියම කඩා වැටේවි – අනතුරු ඇඟවීමක්

colombotoday

යනකොට අනුන්ගේ ඇඳුම් අරගෙන යන්න එපා- රනිල්ගෙන් ඉල්ලීමක්

colombotoday

සුනිල් රත්නායකට සමාව දීම අසාධාරණ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියයි.

colombotoday

හිඟය මකන්න මුඛ ආවරණ ලක්ෂ විස්සක් පිටරටින්

colombotoday