Colombo Today Local News

‘යහපාලන පාර්ශවයත්‘ අවදිවෙයි.. අස්ගිරි මහා නාහිමියන්ට අභියෝග කරයි.. (Video)

සම්බුද්ධ ශාසනයත්, ජාතියත් මුහුණ දී සිටින අනතුරු දායක තත්ත්වය සම්බන්ධයෙන් වහා පියවර ගන්නැයි ඉල්ලමින් අස්ගිරි පාර්ශවයේ මහා නාහිමියන් විසින් නිකුත් කළ ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් ආණ්ඩු හිතවාදී භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබිණි.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ මතවාදය පිළිගන්නේ යැයි අස්ගිරි නාහිමියන් කළ ප්‍රකාශය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළ එම භික්ෂූන් වහන්සේලා, නාහිමියන් විසින් නිකුත් කළ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කරගෙන ආණ්ඩුවේ සංහිදියා වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සදහා එක්වෙන්නැයි ද අස්ගිරි මහා නාහිමියන්ගෙන් ප්‍රමුඛ සංඝ සභාවෙන් ඉල්ලා සිටියහ.

ආගමික සංහිදියාව ගොඩ නැගීම සදහා සියළුම ආගම්වල සහ ජාතීන්වල නිදහස තහවුරු වන ආකාරයේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා සහය දැක්වීමට එක්වන ලෙසත් එම භික්ෂූන් වහන්සේලා තිදෙනා මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියහ.

මේ අතර අස්ගිරි මහා නාහිමියන්ගේ අනුශාසනා පිළිනොගෙන රජය විසින් තම හිතවත් භික්ෂූන්වහන්සේලා කිහිප දෙනෙකු යොදාගෙන මහා නාහිමියන්ගේ ප්‍රකාශය හෑල්ලුවට ලක් කරමින් සංඝයා වහන්සේ භේද බින්න කිරීමට උත්සහා කරමින් සිටින බව මහා සංඝරත්නය චෝදනා කරයි.

[fbvideo link=”https://www.facebook.com/rupavahinisinhalanews/videos/1953738978229842/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

විනාඩි 10ට දුම්රිය ආසන ලක්‍ෂයක් බුක් වෙයි

colombotoday

“ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් ඉහළ දැමීම ආර්ථික අර්බුදයට පිළියමක් නොවේ”

colombotoday

ශරියා විශ්වවිද්‍යාලය ගැන පරීක්ෂණයකට අදාල බලධාරීන්ට කෝප් කමිටුවෙන් කැඳවීමක්

colombotoday

චම්පිකගේ ජීප් රිය පැදවූයේ මා නොවෙයි රියැදුරු අධිකරණයට කළ ප්‍රකාශයකින් හෙළිවෙයි

colombotoday

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

පාස්කු ප්‍රහාරය : ජනාධිපති පරීක්ෂණ කොමිසම් වාර්තාවේ පිටපතක් නීතිපතිට

colombotoday