Colombo Today Local News

“ඩොලර්වලින් යැපෙන NGO කාරයෝ මේ රට විනාශ කරන්න හදනවා“ – අධිකරණ ඇමති

විදේශ අනුග්‍රහය සහ ඩොලර් ආදියෙන් යෑපෙන NGO ඇතුළු කොටස්‌ රටේ වත්මන් ජාතික ආගමික සංහිඳියාවටත් සම්භාවනාවටත් බාධා වන පරිදි කටයුතු කරන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විඡේදාස රාජපක්‌ෂ අවධාරණය කරනවා. ඊයේ(23)මල්වතු අස්‌ගිරි මහනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැකීමෙන් මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ ජාතික හා ආගමික සංහිඳියා ක්‍රියාමාර්ගයට බාධා කරන සංවිධාන හා බලවේග පවතින බවයි.

ජාතික ආගමික සංහිඳියාව නැති කිරීමට මෙම විදේශ ආධාරවලින් යෑපෙන එන්ජීඕ සංවිධාන කටයුතු කරන බවත් ඇතැම් මාධ්‍ය ආයතන ද ජාතික හා ආගමික සංහිඳියාවට බාධාවන පරිදි ප්‍රචාරක කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥනරතන ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පසුගියදා නිකුත් කළ නිවේදනයේ ඇතුළත් වූ කරුණු කාරණා සම්බන්ධයෙන් ද උන්වහන්සේ සමඟ සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා සදහන් කළා.

 

Related posts

මුහුදු මහා විහාරයේ හිමිනමකට ප්‍රහාරයක් – සැකපිට 8ක් අත්අඩංගුවේ

Admin

කැලණිවැලියට නව දුම්රියක්..

Admin

චීන පොහොර නැව අනිවාර්යෙන්ම ආයෙත් ලංකාවට එනවා

colombotoday

එජාපය මොකක් කීවත් වැඩක් නෑ.. අපි ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා – දයාසිරි

colombotoday

සුව සේවා විරුවන්ට උපහාර පිණිස නොමිලේ නිවාඩු පැකේජ 1000ක්

colombotoday

2022 අයවැය වියදම් යෝජනා

colombotoday