Colombo Today Local News

විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගනී !

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂවරන් මහතාට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා විසින් ඊයේ (19) උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා වෙතට ලිපියක් මගින් දැනුම් දී ඇත.

යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුන් සහ යාපන ප්‍රධාන හින්දු පූජක ශ්‍රී ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමන්ගේ මැදිහත්වීම මත මෙම අර්බුදය විසඳුමකට ගෙන ඒමට හැකි වූ බවද සම්බන්ධන් මහතා එහිදී සඳහන් කර ඇත.

මේ අනුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංගය තමිල් අරසු කච්චි පක්ෂය විසින්ම ඉල්ලා අස්කර ගන්නා බවත් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලටද ඇගිලි ගැසිම් නොකරන බවත් සම්බන්ධන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දූෂණ චෝදනා සනාථ නොවූ අමාත්‍යවරුන් දෙදෙනෙකු මසක නිවාඩුවක් සහිතව අමාත්‍යධූර අත්හිටුවීමට තීරණය කිරීමත් සමග මහ ඇමතිවරයාට එරෙහි විහ්වාසභංගයක් ගෙන ඒමට තමිල් අරසු කච්චි පක්ෂය පියවර ගෙන තිබුණු අතර එකී තීරණය වෙනස් කරන බවට මහ ඇමතිවරයා එකඟතාව පලකිරමින් ලිපියක් යැවීමත් සමග මෙම විශ්වාසභංගය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බවට විපක්ෂ නායක වරයා තිරණය කර තිබෙන අයුරු පෙනී යයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

කොරෝනා වෛරසය ආසාදනය වු පළමු ලාංකිකයා රෝහලෙන් පිටව යයි

colombotoday

පාස්කු වින්දිතයින්ට හිටපු ජනපති මෛත්‍රී වන්දි ගෙවයි

Admin

සකුරායි ගුවන් සමාගමේ සියලු ගුවන් සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

colombotoday

STF කියා නිවසට ඇවිත් කොල්ලකාලා

colombotoday

කතරගම මහා දේවාලයට ඉබියතුරු දමයි.. ඉතිහාසයේ මුල්වරට අළුයම දේව පූජාවත් අත්හිටුවයි

colombotoday

පාතාලේ මදූෂ් ඇතුළු 25ක් හෝටලයකදී අල්ලයි – ජනප්‍රිය ගායක අමල් පෙරේරාත් ඒ අතර

colombotoday