Colombo Today Local News

සියදිවි හානිකර ගැනීම් “පෙන්නන්න එපා”… ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

සියදිවි නසා ගැනීමේ සිදුවීම් ජනමාධ්‍ය හරහා සහ සමාජ ජාල මාධ්‍ය මඟින් පළ නොකරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලීම් කරයි.

මෑත කාලයේදී මෙරට ළමුන් ඇතුළු තරුණ තරුණියන් දුම්රියට ගෙළ තබා සිය ජීවිතය අහිමි කර ගත් අවස්ථා පිළිබඳව ජනමාධ්‍ය හරහා මෙන්ම සමාජ ජාලා මාධ්‍ය හරහා බොහෝ අසන්නට දකින්නට ලැබුණ බවයි නිවේදනයක් නිකුත් කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ.

මෙවැනි සියදිවි නසා ගැනීමේ සිදුවීම් වලට ජනමාධ්‍ය හා ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීම මඟින් සිදු වන්නේ සමාජයෙන් යටපත් කළ යුතු සියදිවි නසා ගැනීමේ සිදුවීම් තවදුරටත් සමාජයේ ප්‍රචලිත වීම බව එම අධිකාරියේ සභාපති නීතීඥ මරිනි ද ලිවේරා පෙන්වා දෙයි.

එමෙන්ම මෙවැනි කාරණා දිගින් දිගටම ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වීම, ප්‍රශ්න සහගතව සිටින ඇතැම් පුද්ගලයන්ට සියදිවි නසාගැනීමට රුකුළක් සපයන්නක් වන අතර එය මනෝ විද්‍යාත්මකව සළකා බැලීමේදී ද දක්නට ලැබෙන තත්වයක් බව ඇය වැඩි දුරටත් සදහන් කරයි.

විශේෂයෙන් යම් පුද්ගලයකුට මානසිකව අපහසුතා ගෙන දෙන කාරනා වෙතොත් ඒ පිළිබඳව උපදේශන සේවා ලබාගැනීමේ යාන්ත්‍රනයක්ද මෙරට තුළ ක්‍රියාත්මක අතර ඒ සඳහා රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේද විවිධ ආයතන ක්‍රියාත්මක වන බවද එම නිවේදනයේ සදහන්ය.

“වයස අවුරුදු 18ට අඩු අයෙකුට මනසට පීඩා ගෙන දෙන යම් ගැටළුවක් වෙතොත් එම ගැටළුව විසදා ගැනීම සඳහා සහය දීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය බැදී සිටී. ඒ වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ මනෝසමාජීය ඒකකයක්ද ක්‍රියාත්මක වේ. එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය නිලධාරීන් වෙතින්ද එම සහය ඕනෑම ළමයෙකුට ලබාගත හැකිය,” යිඑහි සදහන්ය.

තමන් මුහුණ දෙන විවිධ ගැටළු වලදී සිය ජීවිතයෙන් වන්දි නොගෙවා අවශ්‍ය උපදේශන සහය ලබාගැනීමට කටයුතු කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමුන් ඇතුළු සියළු ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

Related posts

මෙතෙක් ප්‍රකාශ කර ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය

Admin

නව ව්‍යවස්ථාව ගැන අන්තර්ජාල ජනමත විමසුමක් එයි !

colombotoday

ලිබියාවේ මැතිවරණ නිරීක්ෂණයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් ඉල්ලයි

colombotoday

අද ඩොලරයක විකුණුම් මිල රු. 385ක්

colombotoday

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දමයි

colombotoday

අතුරුදන්වූ දරුවකු හොයන්න ඇමති තෙවරප්පෙරුම කට්ටඩියෙක් රැගෙන එයි

colombotoday