Colombo Today Local News

උසාවි සම්ප්‍රදාය කඩා භික්ෂූන් වහන්සේගේ දෑතට මාංචු දමයි !

සිංහලේ අපි සංවිධානයේ ජඹුරේවල චන්ද්‍රරතන හිමි හා තවත් හිමිවරු දෙදෙනෙක් ඇතුළු ගිහියන් තිදෙනෙක්ට රුපියල් ලක්ෂය බැගින් වු ශරීර  ඇප දෙකක් මත මුදා හැරිමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

තම කාර්ලායලට බලහත්කාරනේ ඇතුළුවී අලාභහානී කළේ යැයි සිංහලේ ජාතික සංවිධානය නම් සංවිධානයක ප්‍රධානී සාලිය ටී රණවක නමැති අය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව චන්දරතන හිමි ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනුතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පසුගිය 15 වනදායි.

අදාළ පුද්ගලයාගේ බිරිද අද දිනයේ සැකකරුවන් හදුනා ගැනීම සදහා පෙරෙට්ටුවට ඉදිරිපත් වී සිටි අතර භික්ෂූන් වහන්සේ දෙදෙනෙකු පමණක් ඇය විසින් හදුනාගෙන තිබෙන අතර, එම හික්ෂූන් වහන්සේලා අදාල දිනයේ කාර්යාලයට පැමිණි බවත්, එහෙත් කිසිදු හිරිහැරයක් සිදු කළේ නොමැති බවත් ඇය විසින් මහේස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශ කර ඇතැයි උසාවි ආරංචි මාර්ග පවසනවා.

මේ අතර භික්ෂූන් වහන්සේලා උසාවියට රැගෙන ඒමේදී මාංචු නොදැමීමේ මෙතෙක් පැවති සම්ප්‍රධාය කඩ කරමින්, චන්දරතන හිමියන්ගේ දෑත්වලට මාංචු දමා අද දිනයේ උසාවියට රැගෙන ආ බවද වාර්තා වේ. හදුනාගැනීමේ පෙරෙට්ටුවට සහභාගී වී සිටියේ මහේස්ත්‍රාත්වරියක් බැවින්, එම අවස්ථාවේදී ද භික්ෂූන්වහන්සේලා දැඩි ලෙස අපහසුතාවයට ලක් වූ බවයි උසාවි ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මේ අතර කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට පැමිණිළි කල සාලිය ටී රණවක නැමැත්තා පසුගිය 17 පෙරවරු 7.30ට UL 890 දරණ ගුවන් යානයෙන් මෙරටින් පිටව ගොස් ඇති බවද ආරංචි මාර්ග සදහන් කරනවා.

Related posts

ආපදා කලමනාකරණයේදී ආණ්ඩුව දිගටම ඇණකොන්ඩා.. කොස්ගම ජනතාව කුපිත වෙලා

colombotoday

කොරෝනා ආසාදිතයින් තවත් ඉහලට

colombotoday

මෙරට කතුන්ට ජපානයේ රැකියා අවස්ථා

colombotoday

කටුනායක කොරෝනා ආසාදිතයන් 213ක්.. සියළු සේවකයන්ට පුද්ගලික වාහන තහනම්

colombotoday

දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් කුකුළු මස් – බිත්තර අඩු කරන යෝජනාවක්

Admin

බස් ගාස්තු සංශෝධනය වනතුරු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි.

colombotoday