Colombo Today Local News

රාජ්‍ය නොවන සංවිධාන උවමනාවට ත්‍රිවිධ හමුදාවට චෝදනා පත්‍ර ගෙන ඒමට මා සුදානම් නෑ – ජනපති

විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බවට මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයාගේ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද පලාලි ගුවන් හමුදා කඳවුර නිරීක්ෂණය කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කියන අන්දමට ආණ්ඩු කිරීමට හෝ ත්‍රිවිධ හමුදාවට චෝදනා පත්‍ර ගෙන ඒමට තමා සුදානම් නොමැති බව ය.

“අපේ ආරක්ෂක හමුදා වලට විරුද්ධව තමයි විදේශීය විනිසුරුවන් ගෙනල්ලා මෙහෙ නඩු අහන්න ඕනැයි කියන චෝදනා පත්‍රයක් එක්ක යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ. මම බොහොම පැහැදිලිව කිව්වා. මං ඒකට ලෑස්ති නැහැයි කියලා හිටං. මේ රට තුළත් සිටින අපේ ඇතැම් ලාංකිකයින් සිය වගකිම් සහ යුතුකම් නිසි ලෙස ඉටු නොකර ඔවුන් ඇතැම් වෙලාවට රාජ්‍ය නොවන සංවිධාන හරහා ඉතා වැරදි නිගමනයන්ට එළඹෙමින් ඔවුන්ට එන මහා මුදල් කන්දරාවන් ඩොලර් පවුම් අරගන්න අපේ ආරක්ෂක හමුදාවන් පිළිබඳව වැරදි ප්‍රචාරයන් ගෙනියනවා. මේ රටේ රාජ්‍ය නොවන සංවිධාන විදේශීය සම්බන්ධතා තිබෙන ඒ අයට ‍ඕනේ විදිහට මම ආණ්ඩු කරන්න ලෑස්තු නෑ.ඒ අය කියන විදිහට ත්‍රිවිද හමුදාවට චෝදනා පත්‍ර දෙන්න මං ලෑස්ති නැ. ඒ අය කියන විදිහට මම ත්‍රිවිද හමුදාවට විරුද්ධව මං නඩු අහන්න ලෑස්ති නෑ. ඒක මං බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඒ නිසා මම සැමවිටම ඒ වගකිම සහ යුතුකම ඉටුකරන බව ප්‍රකාශ කරන්න ඕනේ.”

අද පෙරවරුවේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට පැමිණි ජනාධිපතිතුමා හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසමින් සුහද හමුවකට එක්විය.

පලාලි ගුවන් හමුදා කඳවුරටද පැමිණි ජනාධිපතිවරයා එහි හමුදා සාමාජිකයින් සමග සුහද කථා බහක නිරත විය.

මේ අතර – ජනපතිට කියන්න – වැඩසටහනේ ප්‍රථම ප්‍රාදේශීය කාර්යාලය අද උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද ආරම්භ කළේ ය.

උතුරු පළාත් සංවර්ධනයට නව සැලැස්මක් ඔස්සේ නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව එහිදී පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරි මාස කිහිපය තුළ සෑම මසකම මැති ඇමතිවරුන් සමග උතුරට පැමිණ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව ය.

Related posts

වාහන මිල අඩු කරන්නේ නෑ… බදු අඩු කරන්නෙත් නෑ… රවී ස්ථීරවම කියයි

colombotoday

තවත් කොරෝනා රෝගින් 22 දෙනෙක් හදුනා ගැනේ

colombotoday

කැළණි ගඟ පිටාර යන ලකුණු – කොලොන්නාව , හංවැල්ල අවදානමේ

colombotoday

පොල්ගස්ඕවිට ඇලක නාඳුනන පිරිමි මළ සිරුරක්

colombotoday

පාසැල් සිසුන් ඉලක්ක කර මත් කරල් බෙදා හරින්නෙකු අත්අඩංගුවට

Admin

වතු ජනතාවගේ ලයිම ආසන්නයෙන්ම නව නිවාස ලබාදීමට පියවර ගත යුතුයි – ජනපති

colombotoday