Colombo Today Local News

“අර්ජුන් මහේන්ද්‍රන්ගේ නියෝගය නිසා බිලියන 10යේ ලංසුවට අනුමැතිය දුන්නා” හිටපු අධිකාරිනිය කියයි

බැදුම්කර නිකුතුවට ඉදිරිපත් වු රුපියල් බිලියන 10 ක ලංසුවට අනුමැතිය දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කළ නියෝගය හේතුවෙන් එම ලංසුවට අනුමැතිය දීමට සිදුවුණ බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමෙන්තුවේ හිටපු අධිකාරී දීපා කාන්ති සෙනෙවිරත්න මහත්මිය හෙළි කළාය.

කරන්නට වෙන දෙයක් නොමැති හෙයින් එලෙස කිරීමට සිදුවු බවත් ඒ මහත්මිය බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් කීවාය.

මහ බැංකුවේ වෙනත් දෙපාර්තමේන්තුවක රාජකාරී කළ තමා මෙම බැඳුම්කර නිකුතුව සිදු කිරීමට දින දෙකකට පෙර රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවට ස්ථාන මාරූවීමක් ලබා පැමිණි බවත් මෙම බැදුම්කර වෙන්දේසිය තමාගේ මුල්ම බැදුම්කර වෙන්දේසිය වු බවත් ඒ මහත්මිය පැවසුවාය.

මහෙන්ද්‍රන් මහතා කළ නියෝගයට ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් සියළු දෙනා විරුද්ධ වු නමුත් මහෙන්ද්‍රන් මහතාගේ තීරණය වෙනස් නොකරන බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සමරසිරි මහතා දැනුම් දීමෙන් අනතුරුව සෙසු සාමාජිකයින්ද අදාළ ලේඛණයට අත්සන් කළ බව සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කළේය.

Related posts

පාකිස්තානු ජාතික සිරකරුවන් 43දෙනෙකු කටුනායකින් පිටුවහල් කෙරේ

colombotoday

ජී.එම්.ඕ.ඒ මුදල් පරිහරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා CIDයට පැමිණිල්ලක්

colombotoday

සුදුවෑන් ගැන කිව්ව රාජිතගේ නඩුව කල් යයි

Admin

පලාගල පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියක් ඩෝසර් කරලා..

colombotoday

පොලු රැගෙන සනත් නිශාන්තත් ගාලුමුවදොර අරගල භූමියේ

colombotoday

අරගලය හේතුවෙන් මියගිය ගණන 7 දක්වා ඉහලට

colombotoday