World

ලන්ඩන් IS ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දක්වන්න සෞදි පාපන්දු කණ්ඩායම බෑ කියයි..

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූවන්ට ගෞරව කළ සෞදි අරාබි පාපන්දු ක්‍රීඩකයකු කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් හුදකලා වූ පුවතක් වාර්තා විය.

ලෝක පාපන්දු කුසලානය සඳහා තෝරාගැනීම් සඳහා පැවැති තරගයකදී අංක 7 පැළැඳ සිටින සල්මන් අල් ෆරාජ් නැමැති ක්‍රීඩකයා ලන්ඩන් ප්‍රහාරයට ගොදුරුවූවන්ට කනගාටුව පළ කිරීමටත් ගෞරව කිරීමටත් පැවැත්වූ මිනිත්තුවක් නිශ්ශබ්දතාවට එක්විය. ඔහු අත් පිටුපසට තබමින් එම ක්‍රියාවට එක් වුවද ඔහුගේ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයෝ එම ක්‍රියාව නොසලකා හරමින් ඔවුන්ගේ ස්ථාන වෙත ගියහ.

තරග ආරම්භයට පෙර ලන්ඩන් ප්‍රහාරයට ගොදුරුවූවන්ට ශෝකය පළ කිරීමටත් ඔවුන්ට ගෞරව කිරීමටත් විනාඩියක නිශ්ශබ්දතාවක් ප්‍රකාශයට පත් කර තිබූ අතර සල්මන් අල් ෆරාජ් හැර අනෙකුත් සෞදි ක්‍රීඩකයෝ එම ක්‍රියාවට ඇනුම් පද කියමින් එම අවස්ථාවට එක් නොවූහ. එය සෞදි සම්ප්‍රදායට අනුකූල නොවන බව සෞදි පාපන්දු කණ්ඩායමේ නිලධාරීන් ද ප්‍රකාශ කර තිබිණි. සෞදි පාපන්දු කණ්ඩායමේ සහ එම නිලධාරීන්ගේ ක්‍රියාව ලොව බොහෝ දෙනකුගේ විවේචනයට ලක්විය.

ප්‍රේක්ෂකයන්ගේ විරෝධයත් සමඟ සෞදි පාපන්දු කණ්ඩායමේ නායක ඔසාමා හව්සාවි සල්මන් අල් ෆරාජ් අනුගමනය කරන්නැයි කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ට ඉඟි කළ බව පසුව වාර්තා විය.

කෙසේ නමුත් තරගය නැරැඹීමට පැමිණි සෞදි ප්‍රේක්ෂකයන් ද ලන්ඩන් ප්‍රහාරයට ගොදුරුවූවන්ට ගෞරව නොදැක්වූ බව ද වාර්තා විය.

ඩේලිමේල්

Related posts

ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!

colombotoday

ත්‍රස්තවාදයට එරෙහිව පුටින් සහ ඔබාමා විශේෂ සාකච්චාවක

colombotoday

පකිස්තානයේ ඉස්ලාම් දේවස්ථාන හරහා තලේබාන් සංවිධානයට අරමුදල් රැස්කරන බවට අවාමි නැෂනල් ලීගයෙන් චෝදනා

colombotoday

සැනිටයිසර් පානය කර ඉන්දියාවේ 10ක් මිය ගිහින්

colombotoday

ට්‍රම්ප් සමඟ දේවස්ථානයට යාම ගැන සමාව ඉල්ලන හමුදා නිලධාරියා

colombotoday

“රාමසාන් මාසයේදී යුරෝපයට ප්‍රහාර එල්ල කරනු !” – ISIS ත්‍රස්තයන්ගෙන් නියෝගයක්

colombotoday