69 වන නිදහස් දිනය සමරන හෙට (පෙබරවාරි 4) දිනයේදී යාපනයේ බැංකු ඇතුළු සියලුම රජයේ ආයතනවලදී කළු කොඩි එසවීමට පළාත් මහ ඇමති සි වී විග්නේශ්වරන් දන්වා තිබෙනවා. ඒ අනුව අභිමානවත් නිදහස් දිනය දා ජාතික කොඩිය වෙනුවට කළු කොඩි එසවීමට යාපනයේ සියල්ල සුදානම් කොට ඇති බවයි දෙමල ජාතික සන්ධාන ආරංචිමාර්ග සදහන් කර සිටින්නේ.
පසුගිය දිනකදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා “සුනකයකු” ලෙස මහ ඇමති විග්නේශ්වරන් හැදින්වීමට විරොදයක් ලෙස මෙලෙස කළු කොඩි එසේවෙන බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.
– යාපනයේ සිට කිසෝ කන්නන් –