සීනි මිල ඉහළ දැමීමත් සමඟ තේ කෝප්පයක මිල රුපියල් 20 ක් ලෙසද, කිරි තේ කෝප්පයක මිල රුපියල් 40 ක් ලෙසද ඊයේ (08 දා) සිට ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.
රජය විසින් සීනි කිලෝවක් සඳහා ආනයනික බද්ද රුපියල් 10 කින් ඉහළ දැමීමත් සමඟ දේශීය වෙළෙඳපළේ සීනි මිල ද ඉහළ යාම නිසා මෙම තීරණය ගත් බවත්, පාරිභෝගිකයන්ට වන අපහසුතාවයට රජය වගකිව යුතු බවත් එම සංගමය කියා සිටී.