Colombo Today Local News

“මුස්ලිම් කඩ ගිනි තියන්නේ ඥාණසාර හිමි තමයි“ – රාජිතත් පුතු චතුරට දෙවෙනි නොවෙයි.. ඇසින් දුටු සාක්කි මෙන්න

පසුගිය දින කිහිපයේදී සිදු වූ මුස්ලිම් ජාතික වෙළදසැල් ගිනි ගැනීම්වලට වගකිය යුත්තේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බවත්, එබැවින් උන්වහන්සේ අත්අඩංගුව ගැනීම සදහා අධිකරණ නියෝගයක් ලබා දී තිබෙන බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් ඇමතිවරයා කියා සිටියේ අදාළ සිදුවීම්වලට සම්බන්ධ සංවිධාන පිළිබද සියළු තොරතුරු තමන් සතු බවයි. ඥාණසාර හිමියන් මේ වන විට සැගවී සිටින බවත්, අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා තිබෙන බව පොලිස්පතිවරයා තමන්ට පැවසූ බවත් ඇමතිවරයා එහිදී පැවසීය.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් බොදු බල සේනා නියෝජිතයෙකුගෙන් අප විමසා සිටියදී ඔහු සදහන් කළේ රාජිත සේනාරත්න අමාත්‍ය වරයා සුපුරුදු පරිදි හිතුමතේ බොරු ප්‍රකාශ කරමින් රට නොමග යැවීමේ නිරත වී සිටින බවයි. ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි කිසිදු අධිකරණයකින් නියෝගයක් ලබා දී නොමැති බවත්, සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් කළ කැදවීමකට අනුව, ජනාධිපති නීතීඥවරයෙකු මාර්ගයෙන් උන්වහන්සේ කට උත්තරයක් ලබා දී ඇතිබවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1458558767515730/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

අපේ රහස් මාධ්‍යයට කියන්න එපා! එ.ජා. නියෝජිතයෝ එක්නැලිගොඩ බිරියට කියයි

colombotoday

පැති බැම්මක් නිවසකට කඩා වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

සහල් ගැන නිවැරදි තොරතුරක් නෑ

Admin

බේරුවල රෝගියා ඇසුරුකළ තවත් ශ්‍රී ලාංකිකයින් 4කට කො‍‍රෝනා. රෝගීන්ගේ සංඛ්‍යාව 214 දක්වා ඉහළට

colombotoday

Duty Free පහසුකම ඉහළ දැමීමට යෝජනාවක්

colombotoday

“ජිනීවා යෝජනාවේ යුධ අපරාධ චෝදනා නෑ.. හයිබ්‍රිඩ් උසාවිත් නෑ“ ජනපති අල් ජසීරාවට කියයි

colombotoday