Colombo Today Local News

සමාජය කළඹමින් පහුගිය මාස 6 තුල ඥානසාර හිමි ගහපු අමුතු ගේම මෙන්න

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පසුගිය මාස හය තුල පමණක් ගම්මාන 120ක පමණ ධර්මදේශනා පවත්වා තිබෙන බව එම සංවිධානයේ අභ්‍යන්තර වාර්තා මගින් දැනගන්නට ලැබෙනවා.

යහපාලන රජය විසින් මීට මාස 8කට ඉහතදී ඥානසාර හිමි පොලිස් කණ්ඩායම් 6ක් යොදවා අත්අඩංගුවට ගැනීමට උත්සහ කලත් ඇතිවූ සමාජ කැළඹීම හේතුවෙන් එය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුනේ නෑ.. එම අත්අඩංගුවට ගැනීමට යෑම හේතුවෙන් අස්ගිරි මහා විහාර පාර්ශවය සංඝ සභාව රැස්වී පාලකයන්ට ඒකමතික තීන්දුවක් ප්‍රකාශ කරමින් ඥානසාර හිමිට විරුද්ධව ගෙන තිබු අසාධාරණ අත්අඩංගුවට ගැනීමේ සැලසුම් දැඩි ලෙස විවේචනයට ලක් කර සිටියා.

එම සිද්ධියෙන් පසුව මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් ලැබුණු උපදෙස් මත ඥානසාර හිමිගේ ක්‍රියාකලාපය වෙනස් කල බවයි දැනගන්නට තිබෙන්නේ. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී “අවුරුදු පහකට කලින් හිටපු ඥානසාර හාමුදුරුවෝ නොවෙයි දැන් ඉන්නේ” යැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ මුවින් පිටවිය. ඒ අනුව බොදු බල සේනා සංවිධානයේ වැඩපිළිවෙල උපක්‍රමශීලිව වෙනස් කර ඇති ආකාරයක් දැන් දක්නට ලැබේ. එය පක්ෂ විපක්ෂ දේශපාලන බලවේගවලට දැඩි ගැටළුවක් වී ඇති බවක් දක්නට ඇත….

මේ අතර ඥානසාර හිමි, වැඩිහිටි භික්ෂුන් වහන්සේලා හෝ නායක මට්ටමේ භික්ෂුන් වහන්සේලා පිරිසකගේ අනුශාසකත්වය යටතේ නව ජාතික වැඩපිළිවෙලක යෙදෙමින් සිටින බවටද රාවයක් පවතී.

Related posts

තවත් වසර ගණනක් පවතින කොරෝනා

colombotoday

නිල ඇඳුම් වෙනුවට වවුචර් දීමෙන් මිලියන 538.5 ක අමතර වියදමක්‌ දරලා – විජයදාස රාජපක්‍ෂගෙන් පැමිණිල්ලක්‌

colombotoday

ශ්‍රී ලංකා රජය යුධ අපරාධ කළා ලු – ඉන්දියාවේ උද්ඝෝෂණයක්

colombotoday

මුල්ලිවයික්කාල් ස්මාරකය කඩා බිඳ දැමීම යනු දෙමළ ජනතාවගේ හැඟීම් එක රැයකින් සුනුවිසුණු කර විනාශ කර දැමීමට සමානයි..

colombotoday

ඉන්දියාවට රැකියා – අපට විරැකියා… ETCA හකුළා ගනිව් ! කොළඹදී දැවැන්ත විරෝධතාවක්

colombotoday

රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ අගමැති විශ්වාසභංගයකින් නෙරපයි…

colombotoday