Colombo Today Local News

ඥාණසාර හිමි සොයා පොලීසිය රට පීරයි.. හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නැයි හකීම් කියයි

ප්‍රකාශයක් ලබා ගැනීම සදහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොලිසියට පැමිණෙන ලෙසට දැනුම් දුන්නද උන්වහන්සේ එය මග හැර කටයුතු කරන බවත් ඒ නිසා ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසයි.ඔහු සදහන් කලේ ,රාජකාරියේ යෙදී සිටී පොලිස් නිළධාරීන්ට තර්ජනය කිරීම ,රාජකාරියට බාධා කිරීම ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට සූදානම් නමුත් උන්වහන්සේ පොලිසිය මග හරිමින් කටයුතු කරන බවයි.

ස්වාමින් වහන්සේට එරෙහිව මේ වන විටත් අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවා ඇති බවත් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් උන්වහන්සේ ප්‍රතිකාර ලබන ස්ථාන කිහිපයකටම ගොස් උන්වහන්සේ සිටීදැයි පරීක්ෂාකර බැලූ බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කරනවා.කෙසේ නමුත් උන්වහන්සේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය විසින් කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයින් පැවසුවේ ඥානසාර හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවයි.පොලිසිය ලවා එය සිදු කිරීමට සූදානමක් පවතින බැවින් උන්වහන්සේ ආරක්ෂිත ස්ථානයක රැදී සිටින බවද එහි නියෝජිතයින් පැවසුවා.බන්ධනාගාරය තුළදී වුවත් උන්වහන්සේ ඝාතනය කිරීමට සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වන බවයි ඔවුන් දිගින් දිගටම කියා සිටියේ.

මේ අතර ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රවුෆ් හකීම්ද කියා සිටියේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බවයි. මුස්ලිම් ජනතාව වත්මන් රජයට විරුද්ධව පෙළ ගැස්සවීමෙ සංවිධානාත්මක වැඩපිළිවෙලක් සිදු වන බවත් රජය අස්ථාවර කිරීම එහි අරමුණ බවද අමාත්‍යවරයා කියා සිටියා.

යම් ආගමක් හෝ ආගමික නායකයෙක් දැඩි ලෙස විවේචනය කරනවා නම් ඒ අයට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය මීට වඩා වේගයෙන් ක්‍රියාතමක විය යුතු බවත් ඔහු පැවසුවා .

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු තිදෙනෙකුට රටින් පිට වීම වළක්වමින් අධිකරණ නියෝගයක්

colombotoday

රියාජ් බදුර්දීන් නිදහස් කිරීම යුක්ති සහගත නෑ. නීතිපතිවරයා CID යට මාසයක් කල් දෙයි. මගහැරී විමර්ශන ගැනත් කියා දෙයි.

colombotoday

පදිංචියට එන ලෙස මාලදිවයින රජය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට ආරාධනා කළ යුතුයි. | මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මෞමූන් පවසයි.

colombotoday

දේශීය ආරක්ෂක අංශ හා චීන කම්කරුවන් අතර ගැටුමක්.. චීන්නු දෙන්නෙක් රෝහලේ

colombotoday

ජෙරම්ගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Admin

ආයතන පවත්වාගෙන යන්න මුදල් නෑ – මඟ නැඟුම සියලුම සමාගම් විසුරුවා හරී

Admin