Colombo Today Local News

යකෙක් එලවන්න ගිහින් කතක් මියයයි.. දරුණුවට පහර දී දුම් අල්ලලා.. මුස්ලිම් පූජකයන් තිදෙනාට අත්හිටවූ සිර දඩුවම්

යක්‍ෂයකු විසින් අරක්‌ගෙන ඇති (යක්‍ෂ ආරූඪව) 42 හැවිරිදි මුස්‌ලිම් කතකගේ සිරුරෙන් එම යක්‍ෂයා පළවා හැරීම සඳහා මුස්‌ලිම් ආගමේ ස්‌ත්‍රොaත්‍ර කියමින් මුස්‌ලිම් ආගමික වතාවත් ඉටුකරමින් ඇයට දුම් අල්ලා පසුව ඇගේ ශරීරයේ බහු විධ තුවාල සිදුවන ලෙසට දරුණු ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක්‌ බස්‌නාහිර පළාත්බද මීගමුව මහාධිකරණය හමුවේ එහි මහාධිකරණ විනිසුරු අචල උත්පලවර්ණ වෙන්ගප්පුලි මහතා හමුවේ 31 දා විභාග වූ නඩුවකදී අනාවරණය විය.

මෙම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ වත්තල හුණුපිටිය ජයාමාවතේ පදිංචිව සිටි මොහොමඩ් පතිමාපූර්ණි නමැති 42 හැවිරිදි කතකි. මෙහි විත්තිකරුවන් වූයේ වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොහොමඩ් අජීම් නවිශාඩ් (ප්‍රධාන භූතගුරු) මොහොමඩ් නවීශ් අබ්දුල් මලික්‌ සහ මුස්‌ලිම් පූජකවරයකු බව කියන මොහොමඩ් සුබයිවර් නමැත්තන්ය.

2003 ඔක්‌තෝබර් මස සිදුවූ ඝාතන නඩු විභාගය ආරම්භ කළ අවස්‌ථාවේ විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ එම්. මාහිර් මහතා මගින් මිනීමැරුමක්‌ නොවන සාවද්‍ය නොවන මිනිස්‌ ඝාතනය (අනියම් මිනීමැරුම) සම්බන්ධයෙන් විත්තිකරුවන් වරද පිළිගන්නා ලදී. මෙහිදී විත්තියේ නීතිඥ එම්. මාහිර් මහතා පැවසුවේ ඔවුන් එම කාන්තාවට පහර දුන්නේ වේවැලකින් බවත් එම කාන්තාව මරණයට පත්කිරීම කිසිම අදහසක්‌ ඔවුන් තුළ නොතිබූ බවය.

මෙහිදී රජයේ අධිනීතිඥ ඉනෝමා නානායක්‌කාර මහත්මිය ප්‍රකාශ කර සිටියේ මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්‍ෂයේදී අනාවරණය වූ ඇගේ ශරීරයේ බහු විධතුවාල සිදුව ඇති බවත් එම තුවාල වේවැල් පහරවලින් ලත් තුවාල නොවන බවටත් රළු පහරවල් බවත් පැවසුවාය.

මෙහිදී පැමිණිල්ල සහ විත්තිය දෙපාර්ශවයෙන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු අචල උත්පලවර්ණ වෙන්ගප්පුලි මහතා විත්තිකරුවන් සාපරාධී නොවන මනුෂ්‍ය ඝාතනයක්‌ සිදුකිරීම (අනියම් මිනීමැරීම) වරදකරුවන් කර එක්‌ එක්‌ විත්තිකරුවන්ට වසර 10 කට අත්හිටවූ බරපතළ වැඩඇතිව වසර දෙක බැගින් සිරදඬුවම් නියම කර ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් 10,000 බැගින් දඩ නියම කරන ලදී. රජයේ අධිනීතිඥ නිරෝමා නානායක්‌කාර මහත්මිය පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ එම්. මාහීර් මහතා පෙනී සිටියේය. මෙහිදී වත්තල පොලිසියේ පො.කො.(9387) දයාරත්න මහතා පැමිණිල්ලට සහය විය.

දිවයින

Related posts

යූරියා ආනයනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක්

colombotoday

Online ක්‍රම වලට මත්ද්‍රව්‍ය ජාවාරම් කල 316 පොලිස් දැලේ

Admin

ද්‍රවිඩ සන්ධානයට පූස් පැටවු වුණත්, වැලිකඩ ඉන්නේ දරුණු කොටි

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය කඩකල තවත් පුද්ගලයින් 201 ක් අත්අඩංගුවට

colombotoday

ෆොන්සේකා වහාම එජාපයෙන් පන්නා දැමිය යුතුයි – තෙවරප්පෙරුම නොනවතී…

colombotoday

සජබෙට එරෙහිව දැමූ පෙත්සම ඩයනා ඉල්ලා අස්කර ගනී

Admin