Colombo Today Local News

පරිසර ඇමතිගේ මල්ලි පරිසරය වනසන තීන්දුවක..

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් මෙරට පරිසරය විනාශ කරන ආකාරයේ තීන්දු ලබා දීමට කටයුතු කරන බවත් ඒ පිටුපස ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා සිටින බවත් පරිසර ඇමතිවරයාද වනගරු ජනාධිපතිවරයාගේ සොහොයුරාගෙන් මෙසේ පරිසරය වැනසීම සදහාවන තීරණ ගැනීම සම්බන්ධයෙන් තම සංවිධානයේ බලවත් විරෝධය පළකරන බවත් පාරිභෝගික අයිතීන් සුරකී‍මේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

2017 මැයි මස 16 වන දින කැදවන ලද අංක L 0178/2017 දරණ ටෙන්ඩර්පත් කැදවීම මගින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු අබලි කේබල් තොගයක් විකිණීම සදහා කටයුතු කර ඇති බවත් මෙම කේබල් විකිණීම සිදුකරනු ලබන්නේ තඔ ලබා ගැනීමට වන අතර මෙම කේබල් ගිනි තබා උණු කර එම කේබල්වල අඩංගු පයිබර් කොටස විනාශකර තඔ ලබා ගැනීමට කටයුතු කරන අතර එසේ කිරීම තුළින් විශාල පරිසර හානියක්වනවා පමණක් නොව ජීවිත හානි වන බවද රංජිත් විතානගේ මහතා තවදුරටත් පවසයි.

මෙම ක්‍රියාවලිය සදහා අවශ්‍ය උපකරණ ඇති කර්මාන්ත ශාලාවක් සතු සමාගමකට හෝ අදාල කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරන සමාගමකට පමණක් අදාල ටෙන්ඩරය පිරිනමන ලෙස තම සංවිධානය ඉල්ලීමක් කර ඇති බව පවසන පාරිභෝකිය අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, මීට ඉහත 2015 අප්‍රේල 21 වන දින අංක L/0221/2015 යටතේ ටෙන්ඩර් කැදවන ලද අබලි කේබල් තොගය තඔ කර්මාන්ත ශාලාවක් නොමැති, ටෙලිකොම් සභාපතිවරයාගේ හිතවතෙකුට දීමට ටෙන්ඩර් මංඩලය කටයුතු කර ඇති බවත්, අදාල හිතවතා විසින් එම කේබල් තොගය පරිසරයට හානිදායක ලෙස ගිනිතබා තඔ ලබාගෙන ඇති බවත් එහි සියලු තොරතුර තම සංවිධානය සතුබවත්, මෙම ටෙන්ඩර් මගඩියට සම්බන්ධ සියලුම නිළධාරීන් ඉදිරියේ හෙළි කිරීමට සුදානම් බවත්, මෙවර ටෙන්ඩරය පිරිනමන්නේ සුදුසුකම් සහිත සමාගමකටද යන්න පිළිබදව තම සංවිධානය අවධානයෙන් සිටින බවත්, සුදුසුකම් නොමැති සමාගමකට ටෙන්ඩරය පිරිනමන්නේ නම් පරිසරයට වන හානිය පිළිබදව සලකා මෙරට පරිසර සංවිධාන සමග අධිකරණය වෙත යාමට තමන් සුදානම් බවද පවසයි.

පරිසරයට වන හානිය පමණක් නොව රජයට කිසිදු ආදායමක් නොලැබෙන ආකාරයෙන් මීට ඉහත ටෙන්ඩර් කරන ලද තඔ තොගය රටින් පිට කර ඇති බවට තම සංවිධානය විශ්වාස කරන බවද තඔ අපනයනය කිරීම නීති විරෝධි වන බවත් එම තඔ තොගයට කුමක් කළේද යන්න පිළිබදව තමන් ප්රිශ්ණ කරන බවත් ඒ සදහාද අදාල පාර්ශව වෙත තම සංවිධානය පැමිණිලි කරන බවද පවසයි මේපිළිබදව කිසියම් තොරතුරක් දන්නේ නම් 0777205137 දරණ තම දුරකතන අංකයට දැනුම්දෙන ලෙසත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි

 

Related posts

මහජන උපයෝගිතා කොමිසමට ඩග්ලස් නානායක්කාර පත්කරයි

Admin

මුහුදේ පාවෙමින් තිබූ අදහාගත නොහැකි දේ

Admin

අපේ බන්දුල සර්…ඉක්මනින් සනීප වෙලා ඒන්න මේ නරාවළෙන් පාරිභෝගිකයා ගොඩගන්න. – මම සර්ගේ (අ)කීකරු ශිෂ්‍යයා

colombotoday

ආර්ථික අපහසුතා ඇති විදෙස්ගත ලාංකිකයින් රාජ්‍ය අනුග්‍රහයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ තීරණයක්

colombotoday

උත්සව සමය වෙනුවෙන් ගෑස් සිලින්ඩර 90,000ක් දෛනිකව වෙළෙඳපොළට..

Admin

ජනපති ඝාතන කුමන්ත්‍රණයට පොලිස්පතිත් සම්බන්ධයි… මහ මොළකරු රනිල් – නාමල් කුමාර සැලසුම දිගහරී [Video]

colombotoday