Colombo Today Local News

“වැඩ කරලා හරි මහන්සියි.. ඇමරිකා ගිහින් සති එකහමාරක් විතර නිදා ගන්නවා“ – අගමැති

තමන් ඇමරිකාවට යන්නේ සති එකහමාරක්ම නිදාගන්න යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇති බව ලක්බිම පුවත්පත වාර්තා කරයි. ඇමරිකා ගමනට පෙරාතුව එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් පිරසක් සමග පැවති සාකච්දාවකදී එසේ කිවුවේ යයි සදහන් සම්පූර්න වාර්තාව මෙසේය.

කැබිනට් සංශෝධනයෙන් පසුව රනිල් තමන්ට හිතවත් ඇමැතිවරු කිහිපදෙනෙක් අරලියගහ මන්දිරයට කැඳවා තිබුණේ කැබිනට් සංශෝධනයෙන් පසුව ඇමැතිවරුන්ගේ අදහස් දැනගැනීමටය.

අපිට තිබුණ වරාය අමාත්‍යාංශය ශ්‍රී ලංකා එකට ගිහින්. ඒ වගේම ශ්‍රී ලංකා එකේ ඇමැතිවරු කීපදෙනෙක්ට අලුත් වගකීම් ලැබිලා තියෙනවා. එත් යූ.එන්.පී. එකේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට මොනවාවත් ලැබිලා නැහැ. රාජ්‍ය ඇමැතිවරුන්ගෙයි නියෝජ්‍ය ඇමැතිවරුන්ගෙයි ‍පොඩි ‍පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒවා ටිකත් විසඳන්න පුළුවන් නම් හොඳයි විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා කීවේ කැබිනට් සංශෝධනයෙන් පසුව මතුවූ අදහස් ගැනය.

පසුපෙළ මන්ත්‍රීවරු ගැන මීට වඩා බලන්න ඕන. මම ඒ හැමකෙනාටම රුපියල් ලක්ෂ හැට ගානේ පාරවල් දුන්නා. ඒ වගේම රස්සා හතරක් පහක් දුන්නා ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා කීවේ පසුපෙළ මන්ත්‍රීවරු වෙනුවෙන් තමන් කර ඇතිදේ පැහැදිලි කරමිනි.

අනික් ඇමැතිවරු මේ මන්ත්‍රීවරු ගැන හොයලා බලන්න ඕන. මම හමුවෙන්න පාර්ලිමේන්තු කාර්යාලයට එන්නේ මන්ත්‍රීවරු තුන්හතර දෙනයි. සමහර අය ‍ලේකම්වරුන්ගෙන්ම වැඩකරගෙන යනවා රනිල් කීවේය.

රවිට විදේශ ඇමැතිකම එක්ක ආර්ථිකයට අදාළවගකීම් දෙනවාද? රවි වගේම ගයන්තත් ජනමාධ්‍යවල තිබුණ වගකීම් කිහිපයක් ඉල්ලා තිබුණා කියලා පත්තරේ තිබුණා. අපේ අමාත්‍යාංශවලට ආයතන ඇත්තේම නෑ. හරි නම් ඒවා ගැනත් බලන්න ඕන දයා ගමගේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තේය.

මලික්ගේ තාත්තා නැතිවෙලා. ඒකට යන්නත් ඕන. පාර්ලිමේන්තු යන්නයි, අධ්‍යාපන වැඩ ටිකකුයි, තවත් රජකාරි වැඩ ටිකකුයි තියෙනවා. හවසට වෛද්‍ය සභාව එක්කත් සාකච්ඡාවක් තියෙනවා. දැන් රට යන්න බෑග් එක හදාගන්නත් තියෙනවා රනිල් කීවේ තමන් විදේශගතවීමේ සූදානමක් ගැනය.

සර් කොහේද යන්නේ ඇමැතිවරු ඇසූහ.

මම ඇමෙරිකාවට යනවා. සති දෙකකට යන්නේ. ඇමෙරිකාවේ ගිහින් දවස් දෙක තුනක් වැඩකරලා සති එකහමාරක් නිදාගන්න ඕන රනිල් කීවේය.

සර් වෛද්‍ය විද්‍යාල පෞද්ගලික වුණත් ඒවා ප්‍රමිතිගත නම් වෛද්‍ය සභාවට කිසිසේත්ම ඒවා ප්‍රතික්ෂේප කරන්න බෑ කියලා මහාචාර්ය කාලෝ ප්‍රකාශයක් කළා කිරිඇල්ල කීවේ වාහනයට නගින්නට ගිය රනිල්ටය.

– ලක්බිම

Related posts

සියල්ලට පෙර මන්ත්‍රීලාගේ ආරක්ෂාව තහවුරු කෙරේ… පාර්ලිමේන්තුවට මුඛ ආවරණ පන්දාහක් ඇනවුම් කරයි

colombotoday

පාසලක තාප්පයක් සිසුවෙක් උඩට කඩා වැටෙයි

Admin

රාගම රෝහලේ තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් වැළඳී මරුට

colombotoday

2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19 වනදා ඇරඹෙයි

Admin

සාමාන්‍ය පෙළ/උසස් පෙළ දී දහම් පාසල් සහතිකයට ලකුණු ලබාදීමේ වැඩපිළිවෙලක්

colombotoday

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් 11 දිවයිනට

colombotoday