Colombo Today Local News

ගංවතුරෙන් පසු වසංගත රෝග තත්ත්වයක්.. බේරෙන්නේ මෙහෙමයි

පවතින ගංවතුර සහ අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී පැතිර යා හැකි බෝවන රෝග තත්ත්වයන් හමුවේ සනීපාරක්ෂක ක්‍රම අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බව වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම ජල මුලාශ්‍ර අපිරිසිඳු වීම හා මදුරුවන් හා මැස්සන් වැනි කෘමි සතුන් බෝ වීම හේතුවෙන් මෙම වකවානුවේ බෝවන රෝග පැතිරීම වඩාත් සීඝ්‍රයෙන් සිදුවිය හැකි බවයි.

ඒ අනුව පානීය ජලය උණුකර නිවා ගැනීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු අතර එමඟින් පාචනය වැනි රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා විය හැකිය. එසේම අමුවෙන් ආහාරයට ගන්නා අහාර වර්ග හොඳින් පිරිසිඳු කර ගැනීම වැදගත්ය. විශේෂයෙන්ම ගංවතුර තත්ත්වයක් පවතින සහ පැවති ප්‍රදේශවල ජනතාව පළා වර්ග ආහාරයට ගැනීම අවම කිරීම වඩාත් සුදුසු වන අතර පළා වර්ග ආහාරයට ගන්නේ නම් ඒවා හොඳින් පිරිසිඳු ජලයෙන් සෝදා ගැනීම අනිවාර්ය වේ.

ගංවතුර පවතින ප්‍රදේශවල අනවශ්‍ය ලෙස ගැවසීමෙන් වැලකීමද අනුගමනය කළ යුතු පිළිවෙතක් වන අතර අනවශ්‍ය ලෙස ගංවතුර නැරඹීම වැනි ක්‍රියාවන්වල නිරතව ගංවතුර ශරීරයේ ස්පර්ශ වීමටද ඉඩ සැලැස්වීමෙන් මී උණ වැනි රෝග වැළඳීමේ අවදානමක් පවතී. එසේම ගංවතුර බැස යෑමෙන් අනතුරුව ළිං වැනි පානීය ජල මුලාශ්‍ර ක්ලෝරීන් භාවිතයෙන් නිසි පරිදි පවිත්‍ර කරගත යුතුය.

එසේම ගංවතුර බැස යෑමෙන් අනතුරුව අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමද අතිශය වැදගත්වේ. ජලය රැඳීමට හැකියාව ඇති ස්ථාන විශේෂයෙන්ම වැසි පීලි පිරිසින්දුව තබා ගැනීම ඔස්සේ ඩෙංගු රෝගය පැතිරීම වලක්වා ගත හැකි වේ. එසේම පවතින තෙත පරිසරය හේතුවෙන් මැස්සන්ගේ බෝවීම වැඩි වන බැවින් පිසූ අහාර නිතරම වසා තැබීමද සිදු කළ යුතුය. ඊට අමතරව ගංවතුර බැස යෑමෙන් අනතුරුව නිවාස පිරිසිඳු කිරීමේදී සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලවලින් ලබාගත හැකි ප්‍රමිතියෙන් යුතු පිරිසිඳු කාරක භාවිතයද ඉතා වැදගත්වේ.

Related posts

රිෂාඩ් බදියුදීන් මක්කමින් ශ්‍රේෂ්ඨාධිකරණයට….

colombotoday

කිරිඇල්ලගේ, කබීර් හෂීම්ගේ දුම්බර වන කොල්ලයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි

colombotoday

සියළුම පන්සල්, බුදු පිළිම උතුරෙන් ඉවත් කරන්න ඉල්ලයි.. ජාත්‍යන්තරයට වාර්තාවක් !

colombotoday

ප්‍රසන්න දගලනව වැඩියි.. අයින් කරල දාන්න – චන්ද්‍රිකා මෛත්‍රීට කියයි

colombotoday

අරගලකරුවන් ඇතුළු වූ ගෝඨාභයගේ කාර්යාලයත් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට

Admin

“විග්නේෂ්වරන් නිසා දකුණේ අන්තවාදීන් චූන් වෙනවා“ ආණ්ඩුව තානාපති අංශ දැනුවත් කරයි

colombotoday