Colombo Today Local News

මහින්ද අගමැති වීම වළක්වන ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රීලනිප එකගතාවය !

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යළිත් අගමැති වීමට අවස්ථාවක් නොලැබෙන පරිදි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස වී තිබේ.

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගි වන නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා කමිටුවේ සාමාජිකයන් කිහිප දෙනෙකු සමග මේ සම්බන්ධයෙන් පවසා ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වුව ද එය කළ යුත්තේ දෙවරක් රට පාලනය කළ අයකුට නැවත රට පාලනය කිරීමට නොහැකි ආකාරයෙන් බව පක්ෂයේ ස්ථාවරය යයි ඔහු එහිදී අවධාරණය කර ඇත.

ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් පසු රාජ්‍ය නායකයා ලෙස ව්‍යවස්ථාවෙන් බලය හිමි වන අගමැති ධුරය ලබා ගැනීම වැළැක්වීම ශ්‍රීලනිපයේ අදාළ යෝජනාවේ අරමුණ වී තිබේ.

කෙසේ වෙතත් මේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තම අදහස අවසාන වශයෙන් ප්‍රකාශ කර නැති අතර, එම පක්ෂයේ ආරංචි මාර්ගවලට අනුව එජාප නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටින ස්ථාවරය වන්නේ කිසිවකුට එවැනි බාධාවක් ඇති කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වන බවයි.

වර්තමාන ආණ්ඩුව ගෙන ආ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් දෙවරක් ජනාධිපති ධුරයට පත්වූවකුට නැවත ජනාධිපති වීම වළක්වන ලදී. ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට මෙන් ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය.

කෙසේ වෙතත් මනෝ ගනේෂන් ඇමැතිවරයා නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, රාවුෆ් හකීම් ඇමැතිවරයා නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාඞ් බදූර්දීන් ඇමැතිවරයා නියෝජනය කරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඩග්ලස් දේවානන්දා මන්ත්‍රීවරයා නියෝජනය කරන ඊපීඩීපී පක්ෂය යන සුළු පක්ෂ පැහැදිලිවම මේ කමිටුවට පවසා ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කළ ද එය කිසිසේත්ම අහෝසි නොකළ යුතු බව ය.

(සත්හඬ)

Related posts

පාපැදිකරුවෙකු යට කල බස් රථයකට ගිනි තබයි

colombotoday

“මේ මගුල හරියන්නෙ නෑ… අවසානය ළගයි“ – යහපාලන මහ ඇමති මහින්ද සමග කියයි

colombotoday

වැඩිහිටි නිවාසයක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

colombotoday

ශ්‍රී ලංකා පාස්පෝට් එකත් බාල්දු වේ.. ආසියාවේ වටිනාකමක් නැතිම රටවල් අතරින් දෙවන තැනට

colombotoday

ජනාධිපතිවරණයට කලින් මහා මැතිවරණයක්? – ඇමැති මංගල සමරවීර

colombotoday

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

colombotoday