Colombo Today Local News

මුස්ලිම්, දෙමළ අන්තවාදී දේශපාලකයන්ට එරෙහිව රට පුරා පොලිසිවලට පැමිණිලි

රට තුළ, ජාතිවාදය, ආගම්වාදය වපුරන මුස්ලිම් හා දෙමළ අන්තවාදී දේශපාලකයන්ට එරෙහිව පසුගිය දින කිහිපයේදී රට පුරා පොලිස් ස්ථානවලට පැමිණිලි ඉදිරිපත්ව තිබෙන බවට වාර්තා වනවා.

උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්, එම්.කේ. ශිවාජිලිංගම්, ආර්.සම්බන්ධන්, රිෂාද් බදුර්දීන්, මුජිබර් රහ්මන්, අසාද් සාලි, ෆයිසර් මුස්තාපා, එම්.එල්.එම් හිස්බුල්ලා, නැගෙනහිර මහ ඇමති අහමඩ් නසීර් ඇතුළු ප්‍රසිද්ධියේ ජාතිවාදය හා බෙදුම්වාදය අවුළවන අන්තවාදී දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් මෙම පැමිණිළි ඉදිරිපත් කර ඇති බවයි සදහන් වන්නේ.

කෙසේ වෙතත් ලැබී ඇති පැමිණිළි විභාග කිරීම සදහා අදාළ දේශපාලකයන් මේ වනතුරුත් පොලිස් ස්ථාන වෙත කැදවා නොමැති බවයි දැනගන්නට ලැබෙන්නේ.

ජාතිවාදී හා ආගම්වාදී ප්‍රකාශ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් මෙහෙයුමක් මේ වන විට ආරම්භ කර ඇත.

ජාතික සංවිධාන නියෝජිතයෙකු අප සමග සදහන් කළේ, දෙමළ මුස්ලිම් අන්තවාදීන්ට ක්‍රියාත්මක නොවන නීතිය, ජාතිය ශාසනය වෙනුවෙන් පෙනී සිටින ඥාණසාර හිමියන්ට පමණක් ක්‍රියාත්මක වීම හාස්‍යජනක බවයි. සැමට නීතිය සමාන යැයි පාරම්බාන යහපාලන ආණ්ඩුව රට ඉදිරියේ නිරුවත් වී ඇති බවද හෙතෙම සදහන් කළේය.

Related posts

සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනයට අනුමැතිය

colombotoday

ඉන්දියාවෙන් ලැබුණු කොටස ගැන ලංකාව නොසතුටෙන් !

colombotoday

ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවයි

Admin

“ඉන්දියන් ක්‍රමයට” දඬුවම් දෙන්න ගිය පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්.

colombotoday

සම්පත් බැංකුව පිහිටා ඇත්තේ සිංහල බෞද්ධයන් වෙනුවෙන්.. සම්පත් බැංකුවේ හටගත් උණුසුම් තත්වයට ප්‍රතිචාර දක්වමින් නිමල් පෙරේරා කියයි

colombotoday

පොදු ස්ථාන ජීවානුහරණය කිරීම ඇරඹෙයි !

colombotoday