Covid 19

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් 2000 ඉක්මවයි

බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වී ඇති කොවිඩ් -19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, මේ වනවිට ඒ ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,051 දෙනෙකු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පිරිස අතර බන්ධනාගාර නිලධාරින් 91 දෙනෙකු සිටි.

වෛරසය ආසාදනය වූ නිලධාරින් 38 දෙනෙකු සහ රැඳවියන් 562ක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර බන්ධනාගාර තුළ පවතින තදබදය හේතුවෙන් මුදාහැරෙන සියලුම රැඳවියන් PCR පරික්ෂණයකට හෝ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක් කෙරෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

Related posts

මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,700 ඉක්මවයි

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයෙක්ටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368ක් !

colombotoday

නව කොරෝනා ආසධිතයින් දෙදෙනෙක් හඳුනා ගැනේ – මෙරටින් හඳුනාගත් රෝගීන් ප්‍රමාණය 104 දක්වා ඉහලට

colombotoday

වාතය මගින් කොවිඩ් ව්‍යාප්ත නොවේ-ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday

කොවිඩ් වැළඳුනු දයාසිරි ජනපති කාර්යාලයටත් ගිහින්

colombotoday