Colombo Today Local NewsWorld

බ්‍රිතාන්‍යයේ සංගීත ප්‍රසංගයකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 19කට ජීවිත හානි

බ්‍රිතාන්‍ය යේ මැන්චෙස්ටර් හි ‘මැන්චෙස්ටර් අරීනා‘ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරයකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇමෙරිකානු ගායිකාවන වන අරියානා ග්‍රෑන්ඩ් සහභාගී වූ සංගීත ප්‍රසංගයක් අවසානයේදී විශාල පිපිරුමක් සමග ගෘහස්ත ක්‍රීඩාංගණය තුළ සිටි පිරිස් ලේ වැගිරුණු සිරුරු සමග මර බියෙන් කෑ ගසමින් දිවගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

මෙම මහා පිපිරුමත් සමග යකඩ කැබලි විසිවී ගිය බවත්, මේ සමගම ශාලාව තුළ සිටි දහසකුත් පිරිස සී සී කඩ විසිරී ගිය බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. ආසන 21,000කින් යුතු මෙම ශාලාව තුළ සිටි කුඩා දරුවන් ආසන යට රිංගමින් තම ජීවිත බේරාගැනීමේ ඛේදනීය ඉරණමකට ලක්ව සිටි බවද ඔවුහු පවසති.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකානු ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත්තේ මෙය ඉස්ලාමිය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.

Related posts

ගම්පොල සමූපෙත් මහින්ද පිළට යයි.. මහින්ද පිළ 61යි, එජාපය 22යි, ශ්‍රීලනිපය 0 යි

colombotoday

ජනපති මෛත්‍රීපාලටත් වඩා මුදල් ඇමති රවී ලොක්කෙක්! – ඕෂධී හේවාමද්දුම

colombotoday

හරීන්ගේ තනතුර නලීන් බණ්ඩාරට

colombotoday

ISIS ප්‍රධාන අලුගෝසුවා “ජිහාඩ් ජෝන්” ‍ඩ්‍රෝන් ප්‍රහාරයකින් එළොව යයි

colombotoday

හෙටත් භාණ්ඩාගර බිල්පත් විකුණයි

Admin

මවු කිරිවලිනුත් ප්ලාස්ටික් විෂ හමුවෙයි.

colombotoday