Colombo Today Local Newsextremism & terrorism activities

මීතොටමුල්ලේ තරුණියන්ට බෙදූ තිසර පටවලින් සැකකටයුතු පෙති, ජෙල් වර්ගයක් මතුවෙයි (Photo)

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් නිවාස අහිමි වූවන් රැඳී සිටින මීතොටමුල්ල වී ගබඩා වේ තාවකාලිකව පදිංචිව සිටින දැරියන් අතර නොමිලයේ බෙදා දුන් තිසරපට තුළ පෙති වර්ගයක් හා ජෙල් වැනි ද්‍රාවණයක් අඩංගු පැකට්ටුවක් අයුරා තිබියදී සොයාගත් බව එම දැරියන්ගේ මවුවරු පවසති.

මෙම තිසරපට හා කාන්තා යට ඇඳුම් කාන්වක විසින් නොමිලයේ ලබා දුන් බව කඳවුරේ පාලක පී.ජී. චන්ද්‍රසිරි මහතා පැවැසීය.

එම පැකට් තිසරපටය තුළ ඉතා හොඳින් අසුරා මසා නිම කර ඇතැයි ද මවුවරු පැවැසුවෝය. මෙම තිසර පට වැඩිහිටියන්ට නොව දරුවන්ට පමණක් ලබාදෙන බව ඒවා බෙදු කාන්තාව පැවැසුවේ යැයි කඳවුරේ කාන්තාවෝ පවසති.

මෙවැනි ජෙල් පැකට් අඩංගු කාන්තා යට ඇදුම් මීට පෙරද දිවයිනේ කිහිප තැනකින් සොයා ගැණිනි, සිංහල තරුණියන් වද බාවයට පත් කිරීම සදහා ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් විසින් සැලසුම් සහගත ලෙස රසායනික ද්‍රව්‍ය අඩංගු කළ මෙවැනි යට ඇදුම් සහ ආහාර වර්ග දිවයින පුරා බෙදාහරින බවට රාවයක් ද පැතිර තිබේ.

(ඡායාරූප ලංකාදීප)

Related posts

කේරළ ගංජා කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය දීර්ඝ කර ගන්න සාකච්ඡා

Admin

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකු කරාපිටියේ කොරෝනා වාට්ටුවට

colombotoday

අද පාර්ලිමේන්තුව ආරම්භ වේ

Admin

දිවි නහගන්න ළිඳට පැන්න ගැබිනියක් ළිඳ තුළම දරුවා බිහිකරයි | බිළිඳා මිය යයි

colombotoday

විශ්වාසභංගය රජය ප්‍රතික්ෂේප කරනවා – අගමැති

Admin