ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ස්වාධීන වීමට තීරණය කර ඇත.
මධ්‍යම පළාත් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම කණ්ඩායමේ නායකත්වය දරයි.
මධ්‍යම පළාත් සභාවේ දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් සමග එක්ව මෙම පිරිස ඉදිරියේ දී පෙරළියක් සිදු කිරීමට සූදානමින් සිටින බවද පැවසේ.