Colombo Today Local News

අටුළුගම ජනතාව බොරු තොරතුරු දී නිලධාරීන් නොමග යවනවා

අටුළුගම ප්‍රදේශයේ බොහෝ දෙනා ව්‍යාජ තොරතුරු ලබා දී නිලධාරින් නොමග යැවිමට කටයුතු කරන බව, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

බොරු ලිපිනයන් ලබා දීම්, නිලධාරින් නිවාසවලට ගියවිට මගහැරීම් ,පි.සි.ආර් පරික්ෂණ වලට සහභාගී නොවීම් වැනි දෑ සිදු කරමින් නිරෝධායන නීතිවලට පටහැනිව ජනතාව ක්‍රියා කරන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

එසේ නොකර සියලු දෙනාගේ ආරක්ෂාව උදෙසා වගකීමෙන් සහය ලබාදෙන මෙන් තමන් කාරුණිකව ඉල්ලා සිටින බව ද නිවාසවලට පැමිණ හොරු අල්ලනවා සේ මෙම කාර්ය කළ නොහැකි බවද හෙතෙම පැවසීය.

පසුගිය දින කිහිපයේදීම එම ජනතාව මෙම කාර්යයේදී දැක්වු සහය අවම බවත්,උණ රෝගයෙන් පෙලෙන සංඛ්‍යාවෙන් හරි අඩක්වත් මෙම පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවූ බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඉදිරියටත් මෙය මෙසේ සිදුවුහොත් හුදකලා කිරිමේ කාර්ය සැලකියයුතු කාලයක් කිරිමට සිදුවන බවද කීවේය. එමෙන්ම ඉදිරියේදී වෙනත් ක්‍රමවේදයක් භාවිත කරමින් මෙම කටයුතු සිදුකිරිමට සැලසුම් කරඇති බවද යුද හමුදාපතිවරයා කීවේය.

මෙම සිදුවීම ඉතාමත් අවාසනාවන්ත යැයිද පැවසු යුද හමුදාපතිවරයා ⁣සෞඛ්‍ය පිළිබද මෙවැනි ගැටලුවකදි සහයෝගය දක්වමින් ,වගකීමෙන් කටයුතු කර ජනතාව ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් විය යුතුයැයිද සඳහන් කළේය.

Related posts

මවගේ ඇකයේ සිටියත් ඒඩ්ස් බෝවෙනවායි අධ්‍යාපන ඇමති කළ ප්‍රකාශයට ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයෙන් පිළිතුරු

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයක

colombotoday

ඉෂාලිනිගේ මරණය ගැන රිෂාඩ්ගෙන් ප්‍රකාශයක් ගනී

colombotoday

“මහා නියගයක් අනිවාර්යයි.. වැස්සොත් වාසනාව“ – ඇමති දෙපොළක් අනතුරු අගවයි

colombotoday

GSP+ ගන්න නම් සමලිංගිකත්වය නීතිගත කරන්න වෙයි !

colombotoday

ඇත්තටම රට පාලනය කරන්නේ කවුද.. ජනපතිගේ ඇඩියාවෙන් රටටම හෙළිවුණා

colombotoday