Colombo Today Local News

ෆයිසර් ඒන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

ශ්‍රී ලංකාවේ එන්නත්කරණයේ දී වැඩි අවධානයක් දිනා ගෙන ඇති , ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , ඇමෙරිකාවේ “ෆයිසර් ” එන්නත් මාත්‍රා 76,000 ක් , අද අලුයම කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.

මෙම එන්නත් තොගය කිලෝ ග්රැම් 445 ක් බරැති පෙට්ටි තුළ අසුරා , නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මුලින්ම කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබුණි.

ඉන්පසුව , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් , අද දින අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.

එසේම ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් රුසියාවේ “ස්පුට්නික් – V” එන්නත් මාත්‍රා 120,000 ක් සහ චීනයේ ” සයිනොෆාම් ” එන්නත් මාත්‍රා 40 ලක්ෂයක් ද මෙම සතිය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා මේ පිළිබඳව සිදු කළ විමසීමකදී පැවසීය.

Related posts

විශ්‍රාම යෑමේ අදහසක් නෑ !

colombotoday

අපි පුච්චපු ආප්පයෙන් වැඩක් වුණේ නෑ – හිටපු අගමැති රනිල්

colombotoday

අන්ත්‍රාවයි: ඉන්දියාවෙන් ගෙන්වන මිරිස්වල විෂ රාසයනික!

colombotoday

හෙලිකොප්ටරයෙන් හෙට අලුත් සන්ධානයක් එයි

Admin

නිදහස් කරන්න අවශ්‍ය කටයුතු රජය කරනවා.. තව ටිකක් ඉවසන්න – සුමන්තිරන් කොටි සැකකරුවන්ට කියයි

colombotoday

මීගමුව බන්ධනාගාරයේ ආපනශාලාව භාර නියාමකවරයාගේ වැඩ තහනම් කරයි

colombotoday