Colombo Today Local News

අපේ ඉංජිනේරුවන්ගේ සැලසුම කුණු කූඩෙට.. මිලියන 250 ව්‍යාපෘතිය මිලියන 2200කට චීනයට !

දුම්රිය දෙපාර්ථමේන්තුවේ ඉංජිනේරුවන් විසින් රුපියල් මිලියන 250කට සදා නිම කළ හැකි බවට සැළසුම් ඉදිරිපත් කල දුම්ර්ය සංඥා පද්ධතියක් පිහිටුවීම රුපියල් මිලින 2200කට වීන සමාගමකට ලබා දී ඇතැයි සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි. මෙම ස‍ඥා පද්දතිය අවශ්‍ය වන්නේ අලුතින් ඉදිවන මාතර – බෙලිඅත්ත දුම්ර්ය මාර්ගය සඳහාය.

මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ චයිනා නැෂනල් මෙෂිනරි ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේශන් China National Machinery Import & Export Corporation (CNMIEC) නම් සමාගමටය.

මෙසේ අධික මිලකට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ දුම්ර්ය දෙපාර්ථමේන්තුවෙහි සඥා සහ දුර කථන අංශය විසින් ලිඛිතවම සිය මිල ගණන් සහ සැළැස්ම ඉදිරිපත් කර තිබියදීය.

මෙම කොන්ත්‍රාත්තුව සඳහා ටෙන්ඩර් කැදවිමක් කර නැත. එලෙසම ටෙන්ඩර් කැඳවීමකින් තොරව එකී දුම්ර්ය මාර්ගය සෑදීම බාර දී ඇත්තේද එම වීන සමාගමටය. 2016 ජූලි මාසයේදී අවසන් කිරීමට නියමිත වූ මෙම දුම්ර්ය මඟෙහි මේ වන විට අවසන් කර ඇත්තේ සියයට 85ක් පමණි.

ශ්‍රී ලංකා ඉංජ්නේරුවන් විසින් දැනටමත් එවැනි සංඥා පද්දතියක් කැළණිවැලි දුම්ර්ය මාර්ගයේ නාරහේන්පිට දුම්ර්ය පොළෙහි පිහිටුවා ඇති බවත් වසර අවසානය වන විට කොට්ටාව දුම්රියපොළ දක්වා එවැනිම සඥා පද්දතියක් පිහිටුවීම සැළසුම් කර ඇති බවත් එම වාර්තාවෙහිම සඳහන් වේ.

ඉහත කී කොන්ත්‍රාත්තුව වීන සමාගමට දීම නිසා ශ්‍රී ලංකාවට සිදුවන පාඩුව මිලියන 2000ට ආසන්නය.

Related posts

ආපදාවෙන් මියිගිය සියලු දෙනාට වන්දිය ලක්ෂ 194යි.. ඇමතිවරයෙකුගේ එක් වාහනයක් පමණක් ලක්ෂ 400යි

colombotoday

ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා – IMF

colombotoday

සූර්ය පැනලවලින් උත්පාදනය කෙරෙන විදුලි ඒකකයකට ගෙවන ගාස්තු ඉහළට

Admin

පාම් ඔයිල් ආන­යන සමා­ගම් දෙක­කින් රේගු­වට මිලි­යන 6,000කට වැඩි පොල්ලක්

colombotoday

ආණ්ඩුවේ ඡන්ද රැස්වීම්වලට සෙනග අදින්න ලංගම බස් – මැකො. ට පැමිණිලි

colombotoday

පාස්කු ප්‍රහාරය – මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල්යයි

colombotoday