Colombo Today Local News

‘ගොල්ෆේස් ගිය අය ගැන තීරණයක් ගන්නවා‘ – සන්ධාන ලේකම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂයේ මැයි රැලියට සහභාගී නොවී ගාලූ මුවදොර පිටියේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (ඒකාබද්ධ විපක්ෂයේ) මැයි රැලියට සහභාගී වීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ඇති පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ ජනාධිපති  හෝ වෙනත් තනි පුද්ගලයෙක් නොව මධ්‍යම කාරක සභාව විසින් බව කී සන්ධාන මහලේකම්වරයා මීට පෙර සියලූ මන්ත්‍රීවරුන් පක්ෂයේ මැයි රැලියට අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු බවට දන්වා ලිපි යොමුකළේද මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් අනුව බව සඳහන් කළේය.

ඒ නිසා නොපැමිණි අය සම්බන්ධයෙන් ගන්නා තීන්දුව කුමක් වේ දැයි දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව ද සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා කීවේය.

සන්ධාන මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ   පැවති මාධ්‍යහමුවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

Related posts

‘කිඹුලා ඇලේ ගුණා’ ගේ සමීපතමයෙක් අයිස් ග්‍රෑම් 76ක් සමග අත්අඩංගුවට

colombotoday

ජවිපෙ බේරුවල නගරයේ පන්දම් දල්වා විරෝධතාවයක

colombotoday

රාජිත, චම්පික කැබිනට්ටුවේදී මංගල සමග ගැටෙති

colombotoday

කොරෝනා වයිරසය ආසාදිත බවට සැක 508ක් රත්නපුරෙන්

colombotoday

ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට

colombotoday

මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්….

colombotoday