Colombo Today Local NewsNew Constitution

“විධායකය අහෝසි කිරීමේ අරගලයක් අරඹනවා.. TNA සමගත් සාකච්ඡා කළා“ – ජවිපෙ

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වහාම සිදුකළ යුතු බවයි.

අනුර කුමාර අදහස් දක්වමින්, 2015 ජනවාරි 08 වැනිදා රනිල්-මෛතී‍්‍ර රට හමුවේ තැබූ ප‍්‍රධාන පොරොන්දුවක් වන්නේ ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුවයි. මෛතී‍්‍රපාල සිරිසේනගේ මුළු මැතිවරණ ව්‍යාපාරයේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේදීත්, පාර්ලිමේන්තුවේ ප‍්‍රථම කථාවේදීත්, සෝභිත හිමියන්ගේ දේහය ඉදිරියේදීත්, සපථ කරමින් කිව්වේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැනයි.

19වෙනි ව්‍යාවස්ථා සංශෝධනය මගින් සිදු කළේ පාර්ලිමේන්තුවේ තුනෙක් දෙකක් ලබාගනිමින් විධායක ජනාධිපති ක‍්‍රමයේ සිදුකළ හැකි සංශෝධන පමණයි. නමුත් ඔහුට ජනවරම ලැබුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමටයි.

එමනිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අරගලයට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී අවතීර්ණ වෙනවා. ඒ වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීම වැළැක්විය නොහැකියි. ඒ නිසා නව ව්‍යවස්ථාවක් ලෙස හෝ සංශෝධනයක් ලෙස හෝ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නව ඡන්ද ක‍්‍රමයක් සකස් කිරීම සහ ජනතාවගේ අයිතීන් තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථානුකූල රැකවරණයක් ලබාදීම අනිවාර්යයෙන් සිදුකළ යුතුයි.

ඒ නිසා අපි මේ වන විටත් දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය, කොමියුනිස්ට් පක්ෂය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකොට තිබෙනවා. ඒ වගේම ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මොකද ඔහු ලබාදුන් එක`ගතාවයට මේ වන විට වසර දෙකක් ගතවී හමාරයි. මේ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය ලබා ගැනීම සහ ජනමත විචාරණයකට යෑම යන කඩඉම් තිබෙනවා. එනිසා මේ සම්බන්ධයෙන් එක`ගකර ගත හැකි සියලූ පක්ෂ හා සංවිධාන සමග සාකච්ඡා ආරම්භ කළ යුතුව තිබෙනවා.

Related posts

අක්කරෙයිපත්තුවේ පහරදීමකින් පොලීසියේ 10කට තුවාල

colombotoday

අපිටත් බෑ.. කාටවත් බෑ.. දහවැනිදා ප්‍රතිපලේ ගැන සුසිල් කියයි

colombotoday

කථානායක කරු ජයසූරිය මහතාගේ කනිටු දියණිය අභාවප්‍රාප්ත වේ.

colombotoday

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළට

colombotoday

ගංජා වලින් බෙහෙත් හදලා රට යැව්වොත් වැඩි විදේශ විනිමයක් ගොඩගන්න පුළුවන්

colombotoday

කින්නියා පන්සල උඩ කෝවිල මිස කෝවිල උඩ පන්සල් හදලා නැහැ – පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි කියයි

colombotoday