Colombo Today Local Newsextremism & terrorism activities

“රොහින්ගියා මුස්ලිම් පිරිස පිටුවහල් නොකරනු“ – නැගෙනහිර මහඇමති නසීර් රජයට කියයි

කන්කසන්තුරේට ආසන්න මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට පත්වූ රොහින්ග්‍යා මුස්ලිම් පිරිස ආපසු මියන්මාරයට නොයවන ලෙස නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩ් හාෆිස් රජයෙන් ඉල්ලා සිටී.

එම පිරිසට අවශ්‍ය උදව් ලබා දීමට තමන් කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සලසා දිය නොහැකි නම් ඔවුන්ට රැකවරණ ලබාගත හැකි වෙනත් රටකට යවන ලෙස තමන් රජයට යෝජනා කරන බවත් මහඇමතිවරයා පවසයි.

මෛත්‍රී – රනිල් පාලනයට මර්ධනයෙන් ගැලවී දේශපාලන රැකවරණ සොයා එන මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීමක් ඇති බව මහ ඇමැති නසීර් අහමඩ් හාෆිස් අවධාරණය කරයි.

බංග්ලාදේශයෙන් මියන්මාරයට සංක්‍රමණය වූ රොහින්ග්‍යා මුස්ලිම් ජන කොටස එරට ස්වදේශික බෞද්ධයන්ට එරෙහිව දශක ගණනාවක් තිස්සේ ආගමික ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කර තිබෙන අතර, මියන්මාර ස්වදේශිකයන් සහ රජය ඊට දැඩි ප්‍රතිචාර දක්වන බව වාර්තා වේ. ඒ හේතුවෙන් රොහින්ග්‍ය මුස්ලිම් ජාතිකයන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් පසුගිය දෙවසර ඇතුළතදී පමණක් මියන්මාරයෙන් පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

මහ බැංකු නිවේදනයක්

Admin

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් ඇරඹේ.. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නෝර්වේ, කැනඩාවෙන් පැසසුම්

colombotoday

69 වන නිදහස් දිනය දා යාපනයේ කළු කොඩි එසවේ

colombotoday

අලිවත්තේ අසිත මාට්ටු

colombotoday

බදු ගෙවමු, කොටි නගමු !

colombotoday

රංගජීවට ඇප – එමිල් ගැන සලකා බලයි

colombotoday