Colombo Today Local News

ජාතික රෝහලේ සාමාන්‍ය පරීක්ෂණ සීමා කරයි

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතළ ආර්ථික අර්බුදයේ හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුවන බලපෑම් දිනෙන් දින උග්‍ර වෙමින් පවතී.

අද(30) දින කොළඹ ජාතික රෝහලේ රසායනාගාර තුළ දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය පරීක්ෂණ සීමා කරන ලෙස ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් රෝහලේ සියලුම අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

එම ලිපියේ දැක්වෙන්නේ මේ දිනවල පවතින ආර්ථික අර්බුදයේ හේතුවෙන් පරීක්ෂණාගාරවල සිදු කෙරෙන පරීක්ෂණ කට්ටල හිඟවීම හේතුවෙන් මෙලෙස අත්‍යාවශ්‍ය පරීක්ෂණ හැර අනෙකුත් සාමාන්‍ය දෛනික පරීක්ෂණ සීමා කරන ලෙසයි.

ඊයේ(29) දිනය තුළ දී මෙරට ප්‍රධාන පෙළේ රෝහල් දෙකක් වෙන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ ගාල්ල කරාපිටිය රෝහලේ සැලසුම්කල ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට සිදු වූයේ ද මෙම සෞඛ්‍ය උපකරණ සහ ඖෂධවල ඇති හිගතාවය හේතුවෙන්.

Related posts

ග්ලේන්පින්වත්ත තේ වත්තේ මාර ගසක රිවෝල්වරයක්

Admin

ඡන්ද පොලේ බීමත්ව කලහ කළ පොලිස් පරික්ෂකගේ වැඩ තහනම්

colombotoday

නිධන් හාරන්න ගිය තිදෙනෙක් මාට්ටු

colombotoday

යේසුස් තුමාණන් සර්ව බලධාරී අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨතම දූතයින්ගෙන් කෙනෙකු බව සඳහන් කරමින් උලමා සභාවෙන් නිවේදනයක්

colombotoday

දුන් පොරොන්දු ඉටු කරන්න ජනාධිපතිට විතරක් බෑ

Admin

සෞඛ්‍ය ඇමතිනිය සුවය ලබා රෝහලෙන් පිටව යයි

colombotoday