Colombo Today Local Newsextremism & terrorism activities

භික්ෂූන් වහන්සේට ඉරක්කාමම් විහාරය තහනම්.. උසාවි නියෝගයක්.. ඉඩම ඉල්ලා මුස්ලිම් උද්ඝෝෂණ


අම්පාර ඉරක්කාමම් හි ඉපැරණි පුරාවිද්‍ය භූමියක විහාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමි, රන්මුතුගල සංඝරතන හිමිවරුන්ට එම විහාර භූමියට අතුළු වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඓතිහාසික දීඝවාපියට අයත් පරිවාර දාගැබක් පිහිටි ඉරක්කාමම් දාගැබට අයත් භූමියේ සංඝාවාසයක් ඉදිකිරීමට වැඩ ආරම්භ කළ අවස්ථාවේ මුස්ලිම් ජාතික පිරිසක් එම ඉඩමට අයිතිය ඉල්ලා විරෝධතාවය පළකිරීම නිසා විහාරයේ වැඩ ආරම්භ කිරීම දින පහකට කල් දමනු ලැබුවා.

කෙසේ වෙතත් පහුගිය දිනක ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන්වහන්සේ ඇතුලු මහා සංඝරත්නය වැඩමකර මෙහි ගැටලු නිරාකරණය කර මුස්ලිම් පිරිසට වෙනම ඉඩමක් ලබා දීමට අදාල නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවක් සහ එකඟතාවයකින් අනතුරුව මැයි පලමුදින නැවත විහාරස්ථානයේ වැඩ ආරම්භ කිරීමට එකග විය.

එසේ තිබියදී 30දින පාන්දරම ඉරිදා දිනක මහාසංඝරත්නය වෙත අධිකරණය විසින් මෙලෙස තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

අද දිනයේ (01) නැවත විහාරයේ වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබුණු අතර ඊට සමගාමීව ආගමික වැඩසටහනක්ද සංවිධානය කර තිබිණි. මෙයට විරෝධය පළකරමින් මුස්ලිම් ජාතිකයන් පන්සීයයකට අධික පිරිසක් පෙරේදා (29) පුරාවිද්‍යා රක්ෂිත භූමියට අයත් එම විහාරය පිහිටි ඉඩම් ඉල්ලා දැවැන්ත විරෝධතාවයක නිරත විය.

උසාවි නියෝගය

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්, ප්‍රාදේශීය මහා සංඝරත්නය, නිලධාරීන් සමග පැවැති සාකච්ඡාව

Related posts

බුර්කාව තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය.

colombotoday

සම්බා, නාඩු සහල්වලට අද මැදියම් රැයේ සිට උපරිම මිල සීමාවක් !

colombotoday

යුරෝපා සංගමයට අයත් රටවල් තුළට ශ‍්‍රී ලාංකිකයන්ට ඇතුළු වීම තහනම් කරයි

colombotoday

බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ පැමිණීම සම්පූර්ණයෙන් නැවතීමට තවමත් නොහැකි වෙයි

colombotoday

තෙල් ටැංකි දෙන්න ඉන්දීය රජය එකඟ වෙලා නෑ.. ගම්මන්පිල කිව්වේ බොරුවක්ද ?

colombotoday

අගමැති රනිල් කල් මරමින් සිටි, මහ බැංකු හොරුන්ට දඩුවම් දෙන අල්ලස්, දූෂණ පනත වහා සම්මත කරන්නැයි ජනපති දන්වයි….

colombotoday