කැබිනට් ඇමතිකමින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉව්ත වී නැවත යුධ හමුදාපති ධූරය භාර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
රටේ විනය සෑදීම ජනාධිපතිවරයාගේ මූලික අරමුණ බවත්, යහපාලන සංකල්පයන් මත දැනට ක්‍රියාත්මක වන ඇතැම් වැඩපිළිවෙලවල් ප්‍රධාන වශයෙන් අංශ කිහිපයක විනය ගොඩනැංවීම අරමුණු කර ගනිමින් සරත් ෆොන්සේකා මහතාට මෙම තනතුර ලබාදම කෙරෙහි අවධානය යොමුවී ඇති බව හෙතෙම කියා සිටියේ අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.