Colombo Today Local News

උරුමයක අරුමය නොදත් නරුමයෝ දඹුලු වෙහෙරේ සිතුවම් වනසයි.. සෙල් ලිපිවලටත් හානි කරලා

රන්ගිරි දඹුලු විහාරයේ බුදු පිළිම වහන්සේලා සහ සෙල් ලිපිවලට කිසියම් පිරිසක් හානි සිදු කර ඇති බව සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහනායක දඹුලු රජමහා විහාර භාරකාර පූජ්‍ය ඉනාමළුවේ ශ‍්‍රී සුමංගල හිමි පවසයි.

උන්වහන්සේ සඳහන් කළේ බුදු පිළිම වහන්සේලා සහ සෙල් ලිපිවලට හානි වන අයුරින් කිසියම් පිරිසක් ඉංග්‍රීසි අක්ෂර ලියා ඇති බවයි.

අකුණු වැදීම හේතුවෙන් එම කාලය තුළ විහාරස්ථානයේ පැවැති සී.සී.ටී.වී කැමරා පද්ධතිය ද අක්‍රිය වී ඇති බව ඉනාමලුවේ ශ්‍රී සුමංගල හිමි සඳහන් කළහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් සේවයේ යොදවා සිටි අවස්ථාවක මෙවැනි සිදුවීමක් සිදුවීම සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පා වන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (04) දඹූල්ල පොලීසියට පැමිණිලි කිරිමට පියවර ගත් බව ද උන් වහන්සේ සඳහන් කළහ.

ඡායාරූප – ලංකාදීප

 

Related posts

සහන කටයුතුවල නිරත වී සිටි හිමිනමකට දේශපාලකයකුගෙන් මරණ තර්ජණ

colombotoday

සම්බා සහල් කිලෝවක් රු.30කින් හිතුමතේ ඉහළ දාලා

Admin

ත්‍රිකුණාමලය නගරයේ ආරක්ෂාව වැඩි කරයි

colombotoday

මුස්ලිම් මන්ත්‍රීලා සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක් අද

colombotoday

අන්තර් කාලීන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය අනුරට

colombotoday

‘සිරගත හමුදාසෙබළු දේශපාලන සිරකරුවන් බව හිටපු ජනපති කියනවා, ඔහුට බන්ධනාගාරයට යෑමට ඉඩ‍නොදෙනු’ අසාද් සාලි

colombotoday