පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ නිවසට ඊයේ (10) දින ඇතුල්වූ නාදුනන පුද්ගලයෙක්, ලිපිගොණු ඇද දමා ඇති බව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
නීති විරෝධීව පවත්වාගෙන යනු ලබන මත්පැන් හා සූදු පොළවල්, පාරිභෝගිකයන්ට අහිතකර ආහාර නිෂ්පාදනය කරනු ලබන බහුජාතික සමාගම් හා ඇතැම් විට රජයේ ක්රියාකාලාපයටද විරුද්ධව හඩ නගන තමා හට පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී මරණ තර්ජණ එල්ල වූ බවද විතානගේ මහතා පැමිණිල්ල ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත.