Colombo Today Local News

ජිනීවා සමුළුවට තවත් ටොම් පචයක්.. නිවැරදි කරන්න තානාපති කාර්යාලයේ කවුරුවත් නෑ

යාපනය විශ්වවිද්‍යාලයේ සියයට 60 ක්‌ සිංහල සිසුන් සිටින බවටත්, උතුරු නැගෙනහිර පාසල් සියල්ල හමුදා පාලනයේ පවතින බවටත් ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ සාවද්‍ය ප්‍රකශයක්‌ ඉදිරිපත් වී ඇත.

‘අධ්‍යාපනය හමුදා පාලනය යටතේ’ මැයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැති සමාන්තර රැස්‌වීමකදී උතුරේ සිට පැමිණි නීලා නමැත්තිය මේ සාවද්‍ය ප්‍රකාශය කළාය. මුළු උතුරේ ඇති පාසල් හමුදා ආධිපත්‍යය යටතේ පවතින බව පැවසූ ඇය ද්‍රවිඩ ජනතාවගේ අධ්‍යාපනය කඩාකප්පල් කර ඇති බව කියා සිටියාය.

ඇයගේ මේ සාවද්‍ය ප්‍රකාශයට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිදු නිලධාරියකු එම රැස්‌වීමට පැමිණ සිටියේ නැත.

ප්‍රංශ ඊළම් සංවිධානයක සහායෙන් මෙම සමාන්තර රැස්‌වීම පැවැත්වූහ.

– දිවයින

Related posts

මිණිය වළලන්න ගිය 25කට හෙන ගහලා

colombotoday

අයි.එම්.එෆ් යෝජනාවට නිදහස ජනතා සභාවේ ඡන්දය නෑ

Admin

දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ

colombotoday

ලොව වටා රැගෙන ගිය කහවත්තෙන් හමු වූ ලොකුම මැණික් පොකුර කටුනායකට

Admin

ගාල්ලේ ධීවර කාර්මිකයින්ට පීසීආර් අනිවාර්යයි

colombotoday

බුදුන් වහන්සේට අපහාසකළ, අබ්දුල් රාසික්ගේ තව්හිද් ජමාත් බදුල්ලේ ලොක්කා අත්අඩංගුවට…

colombotoday