මීගමුව ප්රාදේශීය ලේකම්වරයාගෙ සිරුර ඔහුගේ නිල නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී අද පෙරවරුවේ සොයාගත් බව මීගමුව මූලස්ථාන පොලීසිය පවසයි.
එය සියදිවි නසා ගැනීමක් විය හැකි බවට පොලීසිය සැකකරයි.
ප්රාදේශීය ලේකම්වරයා රාජකාරි ස්ථානයට කැඳවාගෙන ඒමට රියදුරා නිල රථයෙන් ප්රාදේශීය ලේකම්වරයා පදිංචිව සිටින නිල නිවසට ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි. ප්රාදේශීය ලේකම්වරයා පෙනෙන්නට නොසිටි නිසා රියදුරා විපරම් කර බැලීමේදී ඔහුගේ සිරුර ලණුවකින් එල්ලෙමින් තිබෙන අයුරු දැක ඒ බව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සෙසු නිලධාරින් සහ නිලධාරිනියක් ද දැනුවත් කර පසුව මේ ගැන පොලීසියට පැමිණිලි කර ඇත.