Colombo Today Local News

ආර්ථික වර්ධනයෙන් ලංකාවේ දකුණු ආසියාවේ හයවන තැනට..

ලෝක බැංකුවේ නවතම දත්ත වාර්තාවකට අනුව 2017 වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 4.7 ක් බව ඇස්තමේන්තු කර තිබේ.

දකුණු ආසියානු කලාපය පිළිබඳව ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නවතවම වාර්තාවක මේ බව සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම ඇස්තමේන්තුගත කිරීමට අනුව ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ මාලදිවයිනට (4.5%) සහ ඇෆ්ගනිස්තානයට (2.4%) පමණි.

මෙහිදී කලාපයේ වැඩිම ආර්ථික වර්ධනයක් සිදුවන රට ලෙසින් ඉන්දියාව නම් කර ඇති අතර 2017 වසර සඳහා සියයට 7.2 ක් බව ලෝක බැංකුව පුරෝකථනය කර සිටී. මෙහිදී බංග්ලාදේශය හා භූතානය සියයට 6.8 බැගින් සහ නේපාලය සියයට 6 ක ආර්ථික වර්ධන වේගයක් ද බලාපොරොත්තු වන අතර පකිස්තානයේ එම අගය සියයට 5.2 කි.

ඉදිකිරීම්, වෙළෙඳ හා මූල්‍ය සේවා අංශයේ දැකිය හැකි වර්ධනයත් සමඟ මෙම ඉහළ යාම බලාපොරොත්තු වන බව පවසන ලෝක බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ පසුගිය කාලයේ ඇති වූ ගංවතුර හා නියඟ තත්ත්වයන්, වර්ධනයට සෘණාත්මක බලපෑමක් සිදුකර ඇති බවයි.

එසේම රජයේ ෆිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට හා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම හරහා ආර්ථිකයට සුභවාදී තත්ත්වයක් ඇති කරනු ලබන බව ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර හරක් කටා සහ කුඩු සලිදු පන්නන්න මෙහෙයුමක්

Admin

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි… බාධා කරන්නේ ජාතිවාදීන් – අනුර දිසානායක

colombotoday

රෝහල් වැඩවර්ජනයක් එන ලකුණු?

Admin

ශ්‍රී ලංකන් ගුවන්යානා වලට ඉන්ධන සැපයීමේ නව කොන්ත්‍රාත්තුව

Admin

ඇඳිරිනීතිය පැනවීමේ තීන්දුවක් ගන්නේ අත්‍යාවශ්‍යම තත්වයක් ඇතිවුවහොත් පමණයි

colombotoday

කොටි මහවිරු දිනය මහ ඉහළන් සැමරීමට සූදානම්.. පොලීසිය සීරුවෙන් !

colombotoday