Colombo Today Local News

කටුනායක ගුවන්තොටේ ඉඩම් බදු දෙයි.. කොටසක් සිංගප්පූරුවට.. කොටසක් මැලේසියාවට

කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළට අයත් භූමියෙන් ඉඩම් කැබලි දෙකක් කාමර 100ක් සහිත තරු පන්තියේ හෝටල් දෙකක් ඉදි කිරීම සදහා මැලේසියාව හා සිංගප්පූරුවේ පෞද්ගලික සමාගම් දෙකකට බදු දීමට රජය තීරණය කර ඇත.

කටුනායක ගුවන්තොටුපළ භාවිතා කරනු ලබන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යෑම නිසා නවාතැන් පහසුකම් සම්පූර්ණ කිරීම සදහායි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ගුවන් තොටු‍පොළ හා ගුවන් සේවා සමාගමට අයත් මෙම ඉඩම් කැබලි දෙක වසර 40 ක බදු පදනම මත බදු දීමට නියමිතය. මෙම හෝටල් දෙක ඉදිකිරීම සඳහා අදාළ පෞද්ගලික සමාගම් දෙක රජය විසින් තෝරාගෙන ඇත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදිය.

(ද ඉන්ඩිපෙන්ඩන්ට්)

Related posts

සුසිල්, දයාසිරි කැබිනට් රැස්වීම වර්ජනය කරයි

colombotoday

දරුවන්ට පොලිතින් කැවූ විදුහල්පතිට මාරුවක්

Admin

ජැක්සන් ඇන්තනී දිවි රඟමඩලට සමු දෙයි

Admin

රුපියල ඉතිහාසයේ ඉහළම බාල්දුව අදයි…

colombotoday

ඉංගිරියේ රිය අනතුරකින් තරුණයෝ දෙකක් මරුට

Admin

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රාජ්‍ය ආයතන ලක්ෂ 90ක් ණයයි

colombotoday